IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ රියාඩ් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනයක, ළහිරු හර්ෂණ සහ ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා වඩිදුරටත් කියා සිටියේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සහ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කර ඇත .

ත්‍රස්තවාදී පනත ප්‍රතිපාදන අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (29)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ රියාඩ් අත්අඩංගුවට

Virajmampitiya Saturday, 24 April 2021 01:11 AM

දෙවියන්ට ස්තූති වේවා...!!! 

:       112       19

sachith Saturday, 24 April 2021 01:42 AM

දැන්නම් හොඳටම විශ්වාසයි හෙට අනිද්දා, ඡන්දයක් එනවා කියන එක...

:       50       85

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 April 2021 01:46 AM

කලින් ගත්තා. ඒ වගේම නිදහස් වුණා. මෙවරත් එසේ වීමට පුළුවන් සමහරවිට.. ඒත්, පාස්කු පිපිරීම ගැන නිසි පියවර හෝ තීන්දු නොගත්, එවකට විධායක ජනපති හා රටේ ආරක්ෂක ඇමැති, සේනාධිනායක මෛත්‍රීපාලව තවමත් අත්අඩංගුවට ගන්න නීතියට බැරිවුණා.

:       86       51

මුණසිංහ Saturday, 24 April 2021 01:46 AM

රිෂාඩ් බදියුදීන්ට බෞද්ධාලෝක මාවතෙන් ගෙයක් හිමිවුනේ කවදා සිටද? එය ලැබුනේ කෙසේද? යාපනයේ සිට අනාථයකු ලෙස පුත්තලමට පැමිණි ඔහුට මෙතරම් වත්කම් හිමිවුනේ කොහොමද? ඒ ගැන වහාම සොයා බලන්න. අහිංසක මිනිහෙක් ණය වෙලා වාහනයක් ගත්තම එයාගෙ පස්සෙන් පන්නන්න තියෙන උනන්දුව මෙතන නැහැ.

:       9       116

Sanju Saturday, 24 April 2021 02:26 AM

මෙගා නාට්‍යයක් පටන් ගත්තා.. නම අයියා සහ මල්ලි...

:       99       83

Ashan Saturday, 24 April 2021 02:34 AM

දැන්නම් ඡන්දෙ ළඟයි වගේ...

:       72       88

MannSaturday, 24 April 2021 07:49 AM

පළාත් සභා අවුරුද්දකින් මෙහා බෑ.. පළාත් පාලන 2022 මැද පහුවෙලා ජනාධිපතිවරණය 2024... මහ මැතිවරණය 2025... ඔය අතරේ නිදහස් වුණාමත් අවංකව ප්‍රතිචාර දාමු..

:       6       10

NishanMonday, 26 April 2021 04:33 AM

මට නම් හිතෙන්නේ පෝට් සිටි එක චීන කොලනියක් කරන්න හදන එකයි ආණ්ඩුව ගෑස් සිලින්ඩරෙන් කරපු වංචාවයි වහන්න කරපු දෙයක් විදියට.

:       0       2

nimelen Saturday, 24 April 2021 02:58 AM

මෙව්වා රඟපෑම්...

:       28       60

Bamunuarachchi Saturday, 24 April 2021 02:59 AM

ජනතාවට අඬබෙර ගහලා අත්අඩංගුවට ගන්නවා... හොරෙන් නිදහස් කරනවා..

:       24       74

නුවන් Saturday, 24 April 2021 03:43 AM

තම පැත්තට ඇඟිලි 4 ක් ම යොමා ගෙනද, අනෙක් පැත්තට ඇඟිල්ලක් යොමු කරමින්ද, ඇතැමුන් කෑ මොර දුන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන ලෙසටය...

:       7       49

Raveendra Saturday, 24 April 2021 05:03 AM

අලුත්ම නාට්‍යයක් .." 69 ලක්ශේ චූන් එක"

:       70       50

sumudu Saturday, 24 April 2021 05:03 AM

මිනීමැරීමේ දේශපාලන ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් ප්‍රමාද වුයේ ඇයි? හරින්ට එක විදියක්... මෙයාට තව විදිහක්ද?

:       27       17

Hafeel Saturday, 24 April 2021 05:21 AM

පොර්ට් සිටි එක චීනට දෙන්න පාර්ලිමේන්තුවේදී මෙයාලාගේ ඡන්ද ගන්න කරන නාඩකමක්.

:       0       0

Hafeel Saturday, 24 April 2021 05:30 AM

රටට කිසිම ප්‍රයෝජන නැති 20ට ඡන්ද දුන්න නේද. හාෆිස් නසීර් මන්ත්‍රී යුටුබ් නාලිකාවට මේතකදී කිව්වා එක් වැදගත් කතාවක්. අගමැති සමඟ රිෂාඩ් සහ හකීම් පැවති සාකච්ඡාවේදී අගමැති ඉල්ලීම් කලාලු 20 ට ඔබල දෙන්නගේ (හකීම් සහ රිෂාඩ්) ඡන්ද නම් එපා. ඔබල ඡන්ද දුන්න නම්, අපිට ප්‍රශ්නයක්. ගෝලයන්ගේ ඡන්ද ටික දෙන්නයි කියන්නයි කියල. මෙහම තමයි රාජපක්ෂලා සිංහල ජනතාවත්, හකීම් රිෂාඩ්ලාගේ මුස්ලීම් ජනතාවත් රවට්ටන්නේ. දැන්වත් තේරුම් ගන්න.

:       0       0

Ravi Saturday, 24 April 2021 07:24 AM

දැන් එහෙනම් දරුණුවටම ප්‍රශ්න කරනවා ඇති...

:       3       12

Rajen Saturday, 24 April 2021 07:40 AM

ඇතුළට ගන්නවා, එළියට දානවා... ඇතුළට ගන්නවා.. එළියට දානවා. ඡන්දය ළංවෙනකොට දැන නරිනාටක මෙව්වා.

:       18       13

marikkar Saturday, 24 April 2021 07:58 AM

මෙයා නිදහස්වෙලා එළියට එනකොට වරාය නගරයට අබසරණයි...

:       56       23

බද්රානි Saturday, 24 April 2021 08:47 AM

හරීන් ප්‍රනාන්දුගේ හෙළිදරව්වත් එක්ක සමහරු ගොඩක් කලබල වෙලා වගෙයි... හරින් හෙළිකළේ, කොමිසන් වාර්තාවේ එළියට නොදාපු පිටපත් ගැණනේ. ඉතින් සොයා බැලිය යුත්තේ ඒ සම්බන්ධවනේ. කෙසේ වුවත්, සිංහලයින්ගේ "කෝකටත් තෛලය" වන මුස්ලිම් බදුර්දීන්ලා හෝ දමිළ ජාතිකයෙකුව ප්‍රශ්නයකට පටලවා ගැනීම බහුතර සිංහල තක්කඩි පාලකයින්ගේ එකම විසඳුමනේ. ඇත්ත යට ගසා, බොරුව සමාජගත කිරීම ඒ තුලින් හරිම පහසුයිනේ. බදුර්දීන්, යම් ආකාරයකින් මූල්‍යමය උපකාර සහරාන්ලාට ලබා දුන්නා නම්, ඊට පෙර ආරක්ෂක අමාත්‍යාංශය බදුර්දීන්ට වැටුප් ගෙවා නැද්ද? එසේ නම් ඒ තක්කඩියන් අත්අඩංගුවට පත් විය යුතු නොවේද? බදුර්දීන්ට දඬුවම් දීමේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් මෙය රංගනයක් නොවිය යුතුයි. එතකොට, බෝම්බ තාක්ෂනය සහරාන්ලාට ලබාදුන්නෙත් බදුර්දීන්ද? මේ ප්‍රහාරයෙන් බදුර්දීන්ට ඇති වූ ආගමික හෝ දේශපාලන වාසිය කුමක්ද? අර වාර්තාවේ සඟවලා තියන පිටපත් එළියට දාන්න. අන්න එදාට නියම මහමොලකරු මිනීමරුවන් ගැන ඉබේටම හෙළිවේවි..!!!

:       69       25

Palitha Saturday, 24 April 2021 09:11 AM

පොර්ට් සිටි කේස් එක හංගන්න, මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න. හොඳ නාටකය!!. අපි පිළිගත්තා හොඳේ...!!!

:       34       16

ravin Saturday, 24 April 2021 10:14 AM

ආණ්ඩුවේ තවත් ඇස් බැන්දුමක්... දැන් අපි ඕවාට අහුවෙන්නේ නැහැ.

:       30       11

Sam Saturday, 24 April 2021 10:45 AM

අත් අඩංගුවට ගත්ත අසාද් සාලිට මොකද වුනේ?

:       20       9

Wca Saturday, 24 April 2021 10:49 AM

දේශපාලකයන්ට දඬුවම් දීලා දඬුවම ඉවරවෙනකල් මුකුත් කියන්න බෑ. මොකද ගොඩක් තියෙන්නේ නාටක.. දැන් පේනවනේ රන්ජන්ට දඬුවම් දීලා... ඒත් බේරගන්න නහින කට්ටිය

:       20       9

saliya Saturday, 24 April 2021 11:05 AM

කණාමුට්ටි ගහනවා වගේ සෙල්ලම්... ඔහේ වනනවා .. කාටහරි වදින්න.

:       16       11

gamage Saturday, 24 April 2021 11:15 AM

චූදිතයන් අල්ලගෙන ඔවුන්ගෙන් සල්ලි හම්බ කරන එක අපේ රටේ සිරිතක්නේ.

:       13       9

Nihal Saturday, 24 April 2021 02:02 PM

හා දැං අපි වරාය නගරය ගැන කතා කරමු ද? නැත්නම් මේවා හින්දා අමතක වෙලා යයි.

:       20       10

BamunuarachchiSunday, 25 April 2021 03:20 PM

හලෝ වරාය ගැන කතා කොරන්න ඔය මොන බම්බුවක්ද හලෝ වරාය ගැන දන්නේ? කාගෙවත් කටින් හැලෙන කතා ටිකක් අහගෙන මොනවා කතාකොරන්නද?

:       4       1

NishanMonday, 26 April 2021 04:35 AM

ඒක තමයි අරමුණ. ඔබගේ කොමන්ටුවට යටින් වරාය නගරයෙන් ඉඩම් කෑල්ලක් හම්බ වුණ කෙනෙක් ප්‍රතිචාර දක්වලා කියන පරක්කුවෙන්ම.

:       0       1

fairoos Sunday, 25 April 2021 07:18 AM

දැන් නම් මාර සතුටුයි සර් අලුත් අවුරුද්දේ නැකට වැඩ අල්ලා තියෙන්නේ

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 443 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1302 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 350 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1300 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 506 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 752 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site