(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දැනට බිත්තර වී කිලෝවක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති මිල රුපියල් 140ක් වුවත් එය ගොවි ජනතාවගේ පැත්තෙන් ගත් කළ සාධාරණ මිලක් නොවන හෙයින් කිලෝව 150 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
2022 /2023 මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බුසල් ලක්ෂ 40ක් බවත් රජයේ බිත්තර වී ගොවිපොළ මගින් ලබා ගන්නා බිත්තර වී ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 10-12ක් අතර ප්‍රමාණයක් වන අතර ඉතිරි බිත්තර වී ගොවීන් වෙතින් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට බිත්තර වී වගා කළ ඇතැම් ගොවීන් තම අස්වැන්න සහල් සැකසීම සඳහා වැඩි මිලකට වෙළෙඳුන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
බිත්තර වී සහල් සැකසීම සඳහා වෙළෙඳුන්ට අලෙවි නොකරන ලෙස ඉල්ලා සිටින අතර එසේ කළහොත් මීළඟ මහ කන්නයට බිත්තර වී හිඟයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ගොවීන් සතු බිත්තර වී මිල දී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම මැදිහත් වී කටයුතු කරන ලෙස උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර යල කන්නයේ වී අස්වනු වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී
fairoos Sunday, 03 July 2022 06:55 PM
තවත් පච වෙන්නේ නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩදීලා මේ ආණ්ඩුව සහ නන්දසේන ගෙදර යන්න...