(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් මහතා තමා හමුවී පැවසූ බව කී අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ජනපති තනතුරෙන් ඉවත් කරන්නට නොව අප්‍රසාදය පළ කිරීම සඳහා බවත් ඉන්පසුව ජනපතිට බලයේ සිටිය හැකි බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා තමා සමඟ පැවසූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
කලහකාරී සිද්ධි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයාම, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට අඟහරුවාදා කාලය වෙන්කර තිබෙන බැවින් ඊට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම ගැන ඊට පසුව විවාද කිරීමට වෙලාව තිබෙන බවත් එහිදී තමා සුමන්තිරන් මන්ත්‍රීවරයාට පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාව පරාජයට පත් වුවහොත් ප්‍රධාන යෝජනාව ද අඩපණ වන්නේ ද යැයි ද අඟහරුවාදා දින තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන්නේ යැයි ද තමා සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා කීය.
නමුත් අවාසනාවකට විපක්ෂය ස්ථාවර නියෝග හිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එය පරාජයට පත්වූ බවද දැන් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ඉදිරියට ගෙනයන්න පුළුවන් ද කියා ප්‍රශ්නයක් තිබෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා මෙය සිදුවූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර යෝජනාව ඉදිරිපත් කළ නිසා බව බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
-
ඔයත් එක්ක කොහොමත් රාජපක්ෂලාට අප්‍රසාදය ප්‍රකාශ කරන වැඩ කරන්න බැරි බව රටම දන්නවා...
ඔබ එයට විරුද්ධව ඡන්දය දුන්නෙත් ඒකද? බොරුවෙ උපත...
අප්‍රසාදය පළකොට ජනාධිපති එලවන්න බැරිනම්, ඒ වෙනුවෙන් කාලය කාදමා ජනතා මුදල් කාබාසිනියා නොකරනු... අරගලය තවතවත් ශක්තිමත් වේවා..!
රනිල්ගේ ඉතිහාසය නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට දුර්වල, කපටි දේශපාලනයක් කළ බව වැටහේ... අද ඇති ප්‍රසාදය හෙට අප්‍රසාදයක් බවට පත් වන්නේ කෙසේද? ඔහු මේ මජර දේශපාලන සංස්කෘතිය හා තම පන්තිය රැකිම වෙනුවෙන් සැමදා කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තුව සැබෑ ජනතා මතය නියෝජනය නොකරයි. ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුව මන්ත්‍රීවරුන් නැවත නගාසිටුවීම ගැන නම් රට නව දේශපාලනික සංස්කෘතියකට යොමු කිරීම හෝ ආර්ථිකව නගාසිටුවීම ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිද? බහුතරයක් නොපිළිගන්නා තැනට රජය හා ජනාධිපති පත්වී ඇත. ජනතාව කුණුබක්කියට දැමූ පක්ෂයක නායකයා තරුණ අපේක්ෂා පරාජය කරමින් අගමැති පුටුවට සදාචාරාත්මක නොවන ලෙස පත්වී ඇත...!
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු අවස්ථාවන් ගණනාවක් අප දැක තිබේ. පාර්ලිමේන්තුව තුළ භික්ෂූන්ට පහර දීම, මිරිස්කුඩු ඉසීම, සෙංකෝලය පැහැරගෙන යාමේ සිට කතානායකවරයාගේ අසුනට ජලය දමා එම අසුන පෙරලා දැමීමේ සිට ඊයේ දිනය දක්වා සිදුවූ සිද්ධීන් දාමය සහ රට දැවැන්ත ආර්ථික, සමාජීය අර්බුදයකට මැදිව තිබෙන්නා වූ අවස්ථාවක සියලුදෙනා එක්ව විසඳුම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුවක් තුළ ඔවුනොවුන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවසානයක් නොමැති, විසඳුම් නොමැති දේශපාලන අර්බුද නිර්මාණය කරගනිමින් සිටියි. රටේ ජනතාව මේ වනවිට සිටිනුයේ දැඩි ආර්ථික, සමාජීය පීඩනයකින් වේ. මෙම අර්බුදය රටේ ජනතාව නිර්මාණය කරනලද අර්බුදයක් නොවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීම පිණිස පාර්ලිමේන්තුවට පත්කළ දේශපාලකයින්ගේ පරිපාලනය නිසා සිදුවූවකි. මේ වනවිට 225ද නොඑසේනම් 22.5 මිලියනයද කියා ජනතාව ඔවුනොවුන් තර්කකරමින් සිටියි. එම නිසා ඇමෙරිකාවේ සිදුවූ " Capitol Riot " වැනි සිදුවීමක්, හානියක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුනොවීමට 225ම වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකමකි.
මෙතුමා නම් නියම ඩීල් කාරයෙක් තමයි... ඒක මුලු රටම දන්නවා.