එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව අද(19) කථානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් දැනුම් දුන්හ.
ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් 2017-07-04 දින සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය මගින් රජයට, රටේ පොදු මහජනතාව සහ මහජන නියෝජිතයන් වෙත දන්වා ඇති පිරිදි නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන උන්වහන්සේලාගේ එකගතාව සහ නිර්දේශය පක්‍ෂයක් ලෙස මහජන නියෝජිතයන් ලෙස තමන් පස් දෙනා විසින් හිස් මුදුනින් පිළිගන්නා බැවින් මෙම තීරණය ගත් බව ඔවුහු දන්වා සිටිති.
ඊට අමතරව තවත් හේතු 9ක් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර සහ නිරෝෂන් පේ‍්‍රමරත්න යන මන්ත්‍රීවරු කථානායකවරයාට එම ලිපිය යවා ඇත.
එසේම පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමස්ත මන්ත‍්‍රිවරුන්ගෙන් සමන්විත විය යුතු බැවින් තම ඉවත්වීම මගින් එම කොන්දේසිය බිඳ වැටෙන බවත් එම නිසා එම හේතුව සහ තමන් දක්වා ඇති සෙසු කරුණු 10 මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගු භාවය අභියෝගයට ලක්වී ඇති බවත් උත්තරීතර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා සිටිති.
COMMENTS
බොහොම හොඳ තීරණයක්. එතකොට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මණ්ඩල තත්වය අහෝසි වෙනවා. අලුත් ව්‍යවස්ථා ඕනැ නෑ. එන්. ජී. ඕ. නඩය කෑ ගහන්නේ එයාලට නිව් යෝක්, ඔස්ලෝ, ලන්ඩන්, ටොරොන්ටෝ නගරවලින් ඩොලර් ලැබෙන නිසා.
මේගොල්ලන්ට ව්‍යවස්ථා හදන්න දැනුමක් නැතුව පමණක් නොවෙයි තිබෙන ව්‍යවස්ථාවේ වටිනාකම හදුනාගන්නවත් දැනුමක් නැතිබව විමල් සහෝදරයා දේසපාලනයට පැමිණි දා සිට වත්මන් ව්‍යවස්ථාව ගැන මාධ්‍ය මගින් ප්‍රකාශ කල දේවලින් හා විවේචනවලින් මානව පැහැදිලි වෙනවා. එනිසා මේවගේ අය කලින් කල ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රකාශ කරනවානම් ජනතාව එම මාධ්‍ය අගයකරනවා.
හැමෝම උඩගෙඩි දෙනවා. මොලයක් නැති අයට රටගැන කුමන කතාද?
පැහැදිලිවම මෙය හොඳ තීරණයක්. විමල් සහෝදරයා ඇතුළු ඔවුන්ගේ එකම සාමාජිකයෙකුට වත් එහෙම දැනුමක් නැත. මන්ත්‍රීවරයකු ලෙස ඔවුන්ව පත් කර ඇත්තේ කුමක් සඳහාද යන්න අවබෝධ කර ගැනීමට තරම් වත් බුද්ධියක් නැති ඔවුන් කෙලෙස මෙවන් භාරදූර කර්තව්‍යයක් සඳහා අදහස් මුසු කරන්නද?
ඔව්, එතකොට සාමාන්‍ය මිනිසුන්ව රට බෙදන ව්‍යවස්ථාවක් කියලා කියන්න පුළුවන් වෙනවනේ. රට වෙනුවෙන් ඇත්තක් කියන්නේ කවදාද?
අනේ ගිය උඩ.. පොදු පෙරමුණේ ඡන්දවලින් ඇවිත් තියෙන්නේ, තනියම ඉල්ලුවා නම්, 5දෙනයි තියන්නේ... මෙයාවත් පර්ලිමේන්තුවට පත්වෙන්නේ නෑ.
විමල් මහතාට හරි පාස්පෝර්ට් එක අඳුන ගන්න බැරි එකනේ වැඩේ... මේ කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
හොර පාස්පෝර්ට්, හොර උප්පැන්න සහතික පාවිච්චි කරන එමෙන්ම තම තමන්ගේ අයට පිනට ගෙවල් ලබා දෙන දේශප්‍රේමීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවක් නොපෙනෙන මේ වගේ තත්වයක් තව දුරටත් තිබීම මොන තරම් වාසනාවක්ද?