IMG-LOGO

බිරියට පිහියෙන් අනින්න ගිය මන්ත්‍රී රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

බීමතින් උල් පිහියක් රැගෙන සිය බිරිඳට හිරිහැර කිරිමට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද (22) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මන්ත්‍රී මුගුණුවටවන මහගම පදිංචි රන් කිරණ පේඩිගේ වසන්ත තිජට් වික්‍රමසිංහ යන අයයි.

සැකකරු අධික ලෙසින් මත්පැන් පානය කර උල් පිහියක් ගෙන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවිකාවක ලෙසින් සේවය කරන සිය බිරිඳ හමුවට පැමිණ ඇයට පිහියෙන් අනින්න තැත් කරන අවස්ථාවේ දී රෝහල් පරිශ්‍රය තුළදී ආරක්ෂකයින් විසින් අල්ලා පොලිසියට බාර දි තිබිණි.

සැකකරු බීමතින් උල් ආයුධයක් අතැතිව රාජ්‍ය ආයතනයකට ඇතුළු වි සිය බිරිඳට අනින්නට තැත් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



අදහස් (10)

බිරියට පිහියෙන් අනින්න ගිය මන්ත්‍රී රිමාන්ඩ්

Raveendra Tuesday, 22 October 2019 06:10 AM

ගැහැණියකට පිහියකින් අනින්න තරම් " අමුනුස්සයෙක් උනානේ". පිරිමි කමටත් ලැජ්ජයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී. මෙම අදහස් සියලුම සියලුම ජනාධිපති , අගමැති ,ඇමති , මන්ත්‍රී ඇතුළු හැලිවදුරන් 225 ටම කියවීමට හැකි වේවා !

:       0       120

wikalpa Tuesday, 22 October 2019 07:12 AM

ගැහැනියෙක්ට පිහියෙන් ඇන්නොත් විතරද අමනුස්සයෙක් වෙන්නේ? පිරිමි ඔටුවොද?

:       0       0

RaveendraTuesday, 22 October 2019 07:42 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඔබ විසින්ම ඔබව ඔටුවෙකු ලෙස හදුන්වාදීමට උත්සහ කිරීම පිලිබදව කනගාටු වන්නෙමු. අපවිසින් සදහන් කල නියම වචන අපගේ අදහස්වල ගැබ්ව නොතිබීම සහ ඒ වෙනුවට අමනුස්සයකු ලෙස සංවර බාෂාවෙන් සංස්කරණය කර පාඨකයන්ට කියවීමට පුවත්පත සැලැස්වීම පිලිබදව අප මෙම පුවත්පතට ස්තුතිවන්ත වන අතර ඔබ වැන්නෙකුට " අප විසින් සදහන්කර තිබී නියම වචනය දැනගැනීමට ලැබුනේනම් එය ඔබටද ගැලපෙනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු ". කෙසේවෙතත් අප සමාජයේ ස්ත්‍රියකට පිරිමියෙකු අතක් හෝ උස්සනවා යනු "එවන් පිරිමින් නපුන්ෂකයන්" ලෙස සමාජයේ ප්‍රචලිත අදහසක් බවට නැවතත් ඔබට සදහන් කිරීමට කැමැත්තෙමු.

:       0       52

MaheeTuesday, 22 October 2019 08:16 AM

නැහැ තවත් හේතු තියෙනවා. මහත්මා ගාන්ධි කිව්වා ජාතියක හැදියාව පේනවා ඒ ජාතිය තිරිසනුන්ට සලකන විදිහෙන් කියලා. ඉතින් ගැහැනුන්ට සහ ළමයින්ට සැලකීම ගැන කවර කතාද?

:       0       32

naushi Tuesday, 22 October 2019 08:00 AM

පොහොට්ටුවේ ආධාරකරුවන්ගේ තත්වය ඔච්චර තමා. අපේ රටට දෙවි පිහිටයි.

:       0       168

විජිත් Tuesday, 22 October 2019 08:42 AM

පොහොට්ටුවෝ විතරක් නොවෙයි ඔය කොළ පාට, නිල්පාට අය අතරත් මෙහෙම අය ඉන්නවා. මේ ඔක්කොම ඉන්න තැනක් පොළොවට ගිලා බැස්සානම්....මගේ ජිවිතයේ සතුටුම දවස එයයි.

:       6       112

sarith pereraTuesday, 22 October 2019 09:57 AM

ඔයාගේ විතරක් නොවෙයි විජිත් අපි හැමෝගෙම ඒ කියන්නේ මුලු ලංකාවේම ජිවත්වන ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනාව එයයි. කොහොම වෙතත් විකල්ප දේශපාලන කණ්ඩායම බලයට ආවොත් සමහරු විඳවයි. ඇයි විශ්‍රාම වැටුප් නැවැත්වුවාම මෙයාලට කන්න වෙන්නේ දැනට හංගගෙන ඉන්න, මහජනයාගෙන් කොල්ල කාපු සල්ලිවලින්. ඒවා ඉවර වුනාම හොරකමේ යන්න නැතිනම් හිඟාකන්න වෙන්නේ....

:       0       133

RaveendraTuesday, 22 October 2019 09:31 AM

නවුෂි මයා, ඔබ විසින් සුලුවෙන් හෝ දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සහා කිරීම සහ ඔබගේ දැනුම් සම්භාරය පිළිබදව අනිකාට අදහසක් ගැනීමට පහසුව සැලසීම පිළිබදව අපි ස්තුති වන්ත වන්නෙමු. ඔබගේ වටිනා අදහස් අනුව පොහොට්ටුවේ පමණක්ද එවැනි අය සිටින්නේ යන්න අවංකව සොයා බැලීමට උනන්දු වුවහොත් පක්ෂග්‍රාහී නොවී ඔබටම සත්‍ය දැන ගැනීමට හැකි වෙනු නියතය.

:       0       161

Chandana - Australia Tuesday, 22 October 2019 08:02 AM

තවත් පොහොට්ටුවෙක්ගේ මැර ක්‍රියාවක්. මෙහෙම පොහොට්ටුවන්ට චණ්ඩිකම් කරන්නද ගෝඨව ජනාධිපතිපති කරන්න කියන්නේ.

:       0       287

විජිත් Tuesday, 22 October 2019 08:53 AM

මෙය ශ්‍රී ලංකාවේ ගෝත්‍රික දේශපාලනයට පිවිසීමට ඇති ප්‍රබල වේ. මම ඉතාම වගකීමෙන් කියන්නේ අපේ රටේ දියවන්නාවේ ඉන්න ඔය නරි 225 න් බාගයකටවත් ඔය සුදුසුකම ඕනෑවටත් වැඩිය තියෙනවා. මෙය සමහරවිට ශ්‍රී ලංකා වාර්තාවක්ද විය හැක.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site