සිංගප්පූරුවේදීය (එන්.ඩී.ටීවී)
සිය පියාගේ ඝාතකයන්ට නැගෙණිය විසින් සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත.
“මගේ නැගෙණිය ප්‍රියංකා ගාන්ධි තාත්තාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ. කාලයක් යනකන් අපිට ඒ දුක දරාගන්න බැරි වුණා. අපිට ලොකු හිත් වේදනාවක් තිබ්බා. එහෙත් අපි දැන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ” යැයි අත්පොළොසන් නද මැද කඳුළු පිරි දෙනෙතින් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේ පැවැති වැඩසටහනකදී පැවැසීය.
මෙහිදි රාහුල් ගාන්ධි ඔහුගේ මිත්තණියගේ ඝාතනය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ. පියාගේ සහ මිත්තණියගේ ඝාතන තම පවුලට ගෙවන්නට සිදු වූ වන්දියක් යැයි ද හෙතෙම එහිදි ප්‍රකාශ කර තිබේ. “දේශපාලනයේදී ඔබ වැරැදි පුද්ගලයන් වැරැදි බලවේග සමඟ පටලැවුණොත් ඒ වගේම ඔබ යමකට එරෙහිව නැගී සිටියොත් ඔබට සිදුවෙන්නේ මැරෙන්න” හෙතෙම කීය.
“අපේ ආච්චි අම්මා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා. අපේ තාත්තා මැරෙන්න යන බව අපි දැනගෙන හිටියා” යැයි රාහුල් ගාන්ධි කීවේය.
“මගේ ආච්චිඅම්මා මට කිව්වා එයා මැරෙන්න යන බව. මම තාත්තාට කිව්වා තාත්තා මැරෙන්න යන බව ” යැයි රාහුල් ගාන්ධි කීය. රාහුල් ගාන්ධිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටය කොංග්‍රස් පක්ෂයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ප්‍රශ්න සහ පිළිතුරුවලින් සමන්විත එම වීඩියෝ පැයක් පමණ දිගු වේ.
ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වූයේ 1984 වසරේදීය. ඒ ඇගේ ආරක්ෂකයන් අතිනි. ඇය බැඞ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන ආරක්ෂකයන් කිහිපදෙනකු වූ අතර හිටපු අගමැතිනිය ඝාතනයට වූයේ එම ආරක්ෂකයන් අතිනි.
හිටපු අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලාංකික දෙමළක කතක් 1991 වසරේ දී චෙන්නායි නුවර දී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය. රජිව් ගාන්ධි ඝාතනය කිරීම සංවිධානය කළ ලොකුම වරද යැයි ඇන්ටන් බාලසිංහම් උපුටා දක්වමින් 2016 වසරේ ප්‍රකාශයට පත්වූ කෘතියක දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජීව් ගාන්ධිට උනේ, වැපිරූ දේ නෙලාගැනීම නේ,
තමන්ගේ පියා නැති වුනාට වඩා දරාගන්න බැරි ශෝකයක් මිනි මාරුව කෙරෙහි ඇතිවීම ගිනස් වාර්තාවකි
ඔබගේ පියා සිංහල අපිට වැදගැම්මකට ඇති පුද්ගලයෙක් නොවේ. ඔහුට පල දුන්නේ දිහ්ට්ටදම්ම වේදනීය කර්මයයි. කෙසේ වෙතත් ඔබඔය කරන්නේ ඔබට බලයට ඒමට ඔබේ පියා මැරීම අනුමත කිරීමයි.
සමාව නොදී බැහැනේ, සර්පයා හැදුවේ වැදුවේ ඔබේ ආත්තම්මා සහ ඔබේ පියානේ.