(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මයි ෙ නියෝග කළාය.
උප පොලිස් පරීක්ෂක නදුන් නිලංග, පොලිස් සැරයන් ඉදුනිල් උදයංග බාලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් කුමාර ආරියසිංහ, සංජීව සම්පත් කුසුම්සිරි, කසුන් සංජය හේරත්, අභිෂේක් පෙරේරා , තිළිණ මධුෂාන් නමැති පොලිස් නිලධාරීහු මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුහ.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මෙම පිරිස මාලිගාකන්ද අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණි.
සැකකරුවන්ට බන්ධනාගාර තුළදී තර්ජන එල්ල විමට ඉඩ ඇති නිසා ඔවුනට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකරිවරයාට නියෝග කළාය.
මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාරවරයාට පහර දීම නිසා මෙම මරණය සිදු වුයේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.
2025 දෙසැම්බර් මස 30
67
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ්
saddharathna Saturday, 10 June 2023 09:13 AM
අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති වරයෙක් ජීවිතාන්තය දක්වාම හිරේ ඉන්නවා මේ වගේ වැරද්දක් කරලා. මිනිහගේ කකුලකුත් හිරේදීම කපලා. දැන් අපා දුක් විඳිනවා. ඒ වගේම මිනිහා දවසකට කී වතාවක් මැරි මැරී උපදිනවා ඇත්ද? තමන් කරපු අපරාධය මතක් වෙනවිට. මේවා පාඩම් හැටියට අරගෙන කටයුතු කරන්න නිලධාරීන් හිතට නොගැනීම කණගාටුවට කරුණක්. බුද්ධිය භාවිතාකර අපරාධකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීම නොකර ශාරීරික වද හිංසා පැමිණවීම මිනිසත් බවට නිගාවක්. මේ උන්නැහැලාටත් ඉතින් අඟුලානේ අය වගේම විඳවන්න වේවි... මහත්මා ගති ඇති නිලධාරීන් බහුතරයක් අතරේ තමන්ට පැවරී ඇති වගකීම කුමක්ද යන්න හරි හැටි තේරුම් නොගෙන ඔලුව උදුම්මා ගත් නිලධාරීන් අතළොස්සක් විසින් පොලිසියේ කිර්ති නාමය කිලිටි කර ඇත. ඉදිරියට මෙවැනි දෑ සම්පූර්ණයෙන්ම නැවතීමට කටයුතු කිරීම වගකිව යුත්තන්ගේ වගකීමකි...