(නිමන්ති රණසිංහ)
පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) මගින් තමන් වෙත භාරදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දුන්නේය.
ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) විසින් එවනු ලැබූ මම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලබන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඉකුත් අපේ‍්‍රල් මස 21 වැනිදා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වූ අලව්දීන් අහමඞ් මුවාත් නැමැත්තා විසින් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට දන්වා ඇත.
COMMENTS
ඔන්න පුතේ බොහොම වැදගත් තොරතුරක් හම්බවෙලා තියෙනවා. අපි හිතන හැටියට.. හැබැයි, කීයක් ඔට්ටුද? ඕවයේ මොකවත්ම නැහැයි කියලා අනාවරණය වෙන බවට...
කරුණාකර අපගේ මෙම අදහස් වැරදි ලෙස අර්ථකථනය කිරීම හෝ හාස්‍යයට ගැනීම ඔබ සතු දෙයකි. ඔය කියන මලපෙරේතයන් ගිය තැන ඒ රට විනාශ කර තමන්ට ඕනෑ විදියට පඹයන් නිර්මාණය කර එම රට අස්ථාවර කිරීමට අති දක්ෂයෝය. ඉතාම සූක්ෂම විදියට රටවල් අස්ථාවර කර තිබෙන බව ලෝකයේ මෙම හිවලුන් ගිය රටවල් දෙස බැලීමේදී හොඳින් අවබෝධ වනවා නොවේද? ඔය කියන වාර්තාව ඒ ඒ අයට අවශ්‍ය විදියට සකසා ලොක්කන්ට නැතිවෙනකම් ළඟ එන පොරයේදී වේදිකාවේ කෑගැසීමට හොඳ කටගැස්මකි. සරලව සඳහන් කරනවා නම් දේශපාලුවන් තමන්ගේ අල්ලේ නටවමින් තමන්ගේ යටිකූට්ටු අදහස් ක්‍රියාත්මක කිරීමේ අති දක්ෂයෝය. කණගාටුව අපේ මෝඩ තකතීරු උගතුන් යයි කියන සමහර දේශපාලුවන් තමනුත් නොදැනම දේශය විනාශකිරීමට හවුල් වීමයි.
හොරාගේ අම්මගෙන් පේන ඇසීම.