(සිතුම් චතුරංග)
කරුණු කිහිපයක් මුලකරගනිමින් සහ විරෝධය දක්වමින් වවුනියාව හා යාපනය ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ අද (28) බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතවූහ.
වවුනියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් පැවසූවේ වවුනියාව බස් නැවතුම්පොළ රජකාරි කටයුතු කළ සේවකයින් කිහිපදෙනකු පසුගියදා 17 වැනිදා දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුකිරීම් කිරීමට විරුද්ධව වැඩවර්ජනය සංවිධානය කළ බවයි.
එලෙස ස්ථානමාරු කරනු ලැබූ ලංගම නිලධාරීන් නැවතත් සේවයේ පිහිටුවන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
උතුරු පළාත් ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කරන නිලධාරීයාගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයන්ට තමන් දැඩි ලෙස විරුද්ධ බව ද ඔවුහු පැවසූහ.
උතුරු පළාතේ මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා පේදුරුතුඩුව යන ලංගම ඩිපෝවන්ට අයත් බස්රථ සේවකයින් සුපුරුදු පරිදි බස්රථ ධාවනයේ නිරතව සිටි අතර ඔවුන් පවසා සිටියේ මෙම වැඩවර්ජනයට සහය දැක්වීමට තමන්වෙත නිසිලෙස දන්වා නොමැති බවයි.
මේ හේතුවෙන් මගීහූ විශාල පිරිසක් පීඩාවට පත්වූහ.




2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වවුනියා - යාපන ලංගම බස් වැඩවර්ජනයක්