(මුදිතා දයානන්ද)
‘‘සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන්නට අපි තීරණය කර තිබෙනවා. ඒ ගැන මීට පෙරත් අපි කිව්වා. 2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා යයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (08) පැවසීය.
එහෙත් මේ කාලය තුළ සමාජයට සිදුවුණ යහපත් දේවල්ද තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, විධායක බලතල කප්පාදු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, නිදහසේ අදහස් දැක්වීමේ අයිතිය තහවුරු කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ඒ අතර ප‍්‍රධානයි. ඒ විතරක් නෙවෙයි මේ කාලය තුළ ජීවන වියදම් සැලකිය යුතු ලෙස පහත වැටුණා. ඉන්ධන මිල අඩුවුණා. රාජ්‍ය සේවකයෙකුගේ වැටුප දෙගුණයකින් වැඩි වුණා.
2015 ට පෙර තිබූ මහින්ද රාජපක්ෂ පාලන කාලය කියන්නේ ඉතිහාසයේ තිබූ නාස්තිකාරම වියදම් කරපු කාලයක්. සංවර්ධනය මුවාවෙන් රටේ සල්ලි, ජනතාවගේ සල්ලි නාස්ති කළා. අදහස් දැක්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරා ගත්තා. සුදුවෑන් සංස්කෘතියක් ඇති කර ජනතාව භීතියට පත් කළා.
පහුගිය දවස්වල රණවිරුවන්ගේ විරෝධතාවයක් තිබුණා. ඇත්තටම මේකේ වරද තියෙන්නේ කොතනද? යුද්ධය අවසන් වෙලා වසර හයක් ගත වෙනකල් බලයේ හිටියේ මහින්ද රාජපක්ෂලා. ඒ කාලයේ ඔවුන් මේ ප‍්‍රශ්නය විසඳුවේ නැහැ. දැන් ඒක මේ ආණ්ඩුවේ පිට දාන්නයි ඔවුන් උත්සාහ කළේ.
අපි විශ්වාස කරනවා අපිට මේ ආණ්ඩුකාලය තුළ විසඳාගන්න බැරි වුණ දේවල් සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනයකින් දිනාගන්න පුලූවන් වෙයි කියලා. මේ මැතිවරණයට ගොඩක් අය ඉදිරිපත් වෙලා තිබෙනවා. යයිද සමන් රත්නප්‍රිය මහතා අද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කොහේ යන්නද! රටට ද්‍රෝහී එන්.ජී.ඕ ගැත්තන්ට කොහොමත් සුදුසු තැන එතන තමයි.
පුරවැසියෝ යළිත් එලිබැස ඇත...
ඔය අලුත් නිවුස් එකක් නෙවෙයි. අනෙක කාෙහමටත් ගෝඨාගේ පැත්තට ගන්නේ නැහැ. රාජිතගේ ඉරණමම තමයි.
පව් කාරයින්ටත් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
සජිත් ප්‍රේමදාසට කියලා කරවාගන්ට වඩා ගොඩක් ඇති. නමුත් රනිල්ම තමයි අගමැති. සජිත්ට තිබුණු බලයත් නැහැ.. ජනාධිපති වුනොත්. ඒක නිසා සජිත්ට දෙනවට වඩා හොඳයි අනුරට දෙන එක...
සජිත් මහත්තයගෙ නමත් කාලාම දාපල්ලා... මේ රටට විනයක් වූ පරණ සෙට් එක්ක දිනන්න පුලුවන්ද..? තවත් විනාශයකට මුල මේ අයයි.
වම දකුණට හැරුවුම කරපු එකම රට ලංකාව
සියලුම පුරවැසියන් යහපාලනය දිනවන්න පෙළ ගැසී ඉන්නවා,රත්නප්‍රිය ,චන්ද්‍රගුප්ත වියන්ගොඩ වගේ බුද්ධිමතුන් සියලු දෙනාගේම සහය යහපාලන රජයටයි.
මේ NGO කාක්කාට අමතක වෙලා තියෙනවා 2015 ජරාපාලනය යටතේ සිද්දවෙච්ච තව හොද දේවල්. මහා බැංකුව හොර කෑම, වරායන් චීන්නුන්ට විකිණීම, 130 තිබ්බ US $ අද 183 වීම, යටිතල පහසුකම් සංවර්දන ව්‍යාපෘති නැවතීම, තෙල් මිල වැඩිවීම, දරුවන්ට දුන් පාසල් රෙදි නැවතීම, පොහොර සහනාදාරය නවතා සහල් පිටරටින් ගෙන්වීම සහ සහනාදාරයේ මුදල් වලින් මසකට මිලියන 25 බැගින් බාවිතා නොකරන රාජගිරියේ ගොඩනැගිල්ලකට කුලී ගෙවීම
අඬවනේ හලි පුදුමයි , හලි පුදුමයි...... කෝ අර "අමුතු පරපුරේ " සෙට් එක
අපි රැවටුනා ආපහු රැවටෙන්නේ නෑ.
2015 ලස්සනට තිබුන රට අපවිත්‍ර කරපු ඔබලා වැනි අයට තවදුරටත් මේ රටේ පිළිගැනීමක් නැත."ඔබලා කියපු බොරුවලට විපාක ලගදීම ලැබෙනු ඇත". එමෙන්ම අපිට ඔබලා සමග ගණුදෙනුවක්ද නැත. කරුණාකර තවදුරටත් මෙවැනි මාධ්‍ය සාකච්ඡා තැබීමෙන් වළකින්න.
ඔයා ඔය ටික කියන්න කලින් අපි දන්නවා ඕක.ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම උනත් ජනතාව ඡන්දය දෙයි හරියට.ඔයාලා කොයි පැත්තට ගියත් ලොකු දෙයක් වෙන්නේ නෑ.
අපුරුයි. ඔයාලා විතරයි අඩුවෙලා හිටියේ. දැන් මේ රටේ මිනිස්සුන්ට යහපාලන සෙට් එකම එකට තියලා පරාද කරන්න පුළුවන්.
ඔබ ඔවුන්ට සහයෝගය දෙන එකෙන් පේන්නේ පල්ලියේ බෝම්බ ප්‍රහාරය ගැන අමතක වෙලා කියලා.
පුරවැසි සංවිධානය සහයෝගය දිය යුත්තේ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින සජිත්ට මිස... මැද මුලන වලව්වෙන් එන රාජපක්ෂ ලාට නොවේ...!
ලජ්ජාවක් නැත
අනේ මේ වගේ වැඩකට නැති අය කාට සහය දුන්නත් මොකද ?
ආයේ අළුතින් සහයෝගයක් සජිත් දෙන්න අවශ්‍ය නැහැ .මුළු රටම දන්නවා ආණ්ඩුවට කඩේ ගියේ රෙදි නැතුව බව.
බලන බලන පැත්තේ ඒ සංවිධාන මේ සංවිධාන .හදාගෙන එක එකට කඩේ යනවා. අප ජාතියක් හැටියට මොනතරම් නම් බෙදී වෙන්විද ??? ඉතින් කෙසේ තමන් උපන් මව්බිම රැකගන්නේද දියුණු කරන්නේද ?
කුණු එකතුවෙන්නේ කුණු වලටමයිනේ. කෝ...හොරු ඇල්ලුවාද...?
ඩොලර් කාක්කෙක් කතා කරයි.....
බලය බෙදීම ඉස්සරහට දාගන එනකොට හිතුව මේ අයට හොඳ ඩොලර් කුට්ටියක් පාත් වෙලා කියල.
ඒක අපි දැනගෙන ගොඩක් කල්. මුනෙන්ම පේනවා ඩොලර් කාක් ගතිය.
තියෙන්නේ රට වනසන සංවිධානයක්. ඔය අන්ධ දෑස්වලට පේන්නෙම තාමත් පෙන්නේ රාජපක්ෂලාගේ වැරදි නම් ඉදිරියේත් බලයට ආවත් ඕකම කියා කියා ඉඳීවි. රජයෙන් වැටුප් ලබා ගන්න ඔබ කරන සේවය කුමක්ද?
තියෙන්නේ රට වනසන සංවිධානයක්.
ඔබලාගේ තීරණය හරියට හරි. මොකද... අදිකරණයේ කිසිම වංචා, දුෂණ, මිනීමැරුම්, රාජ්‍ය දේපල අවභාවිතය හෝ කිසිම නඩුවක් නැති එකම කෙනා සජ්ත් විතරයි. අනික සජිත්ට අවුරුදු 25ක පාර්ලිමේන්තු පළපුරුද්දක් තියෙනවා. ඒවගේම සජිත් ගම් දනවු සිසාරා අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දීල මේවනකොට විශාල සෙතක් කරලා තියෙනවා. මේක විශාල මහජන සේවයක්. මේ ඡන්දයේදී අනිත් අපේක්ෂකයන් තර ඉදිරියෙන්ම ඉන්නේ සජිත් විතරයි.
ඇත්තද, එහෙම නම් අපේ සහය අනිත් පැත්තට.
කීවත් නැතත් අපි දන්නවා එන් ජී ඔ රට බෙදුමට උදව් කරන බව
සමන් රත්නප්‍රිය , 2015 දී අපි කරපු උත්සාහය ගගට කපපු ඉනි බවට පත් වුනේ ජනාධිපති එක්ක හිටියේ වත්මන් අගමැති වරයා වීම නිසා නේද ? සජිත් ආවත් මෙයා ඇරෙන්න වෙන කෙනෙක් අගමැති වෙන්න දෙන්නේ නැහැ .. ඒ නිසා දවල් හීන වලට මිනිස්සු ආයෙමත් එකතු වෙන්නේ නැහැ . ඔයාලා පුරවැසියෝ කියා ගත්තට මොන පුරයේ වැසියෝද කියලා අපිට තේරෙන්නේ නැහැ ...
රටක් , ජාතියක් , ආගමක් නැති , කටක් සහ බඩක් පමණක් ඇතිවුන් ඕනම වෙලාවක හිටගන්නේ මොන පැත්තකද කියලා කව්රුත් දන්නවා.
කවුද ඔයාලා කියන ඒවා ගණන් ගන්නේ?
මොන පුරවැසිබාවයද ඉන්න රට ගැන හිතන්න. ඔයාලා තමයි මේ රට කන්නේ. ජීවත්වෙන්න කොහෙන් හරි මුදල් ලැබෙනවානම් වෙන මොනාද. ඇත්ත වසන් කරගෙන ජීවත් වෙන්න එපා. මොකද ඉදිරියේදී අපේ දරුවන්ට වන්දි ගෙවන්න වෙනවා.