(එම් .සුසිල් ප්‍රියන්ත )
අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්යමණ්ඩල අද (23 ) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වී ඇත.
මේ නිසා අද ( 23 ) එම රෝහල් දෙකේ දෛනික කටයුතුවලට දැඩි බලපැමක් එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ රෝහල් දෙකේ උපස්ථායක ,උපස්ථායිකා ඇතුලු කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලවලට අප්‍රේල් හා මැයි මස අතිකාල නොදුන් නිසා මේ වෘත්තීය ක්‍රියා මාර්ගය ගත් බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ .
මේ ප්‍රශ්නයට අද (23 ) විසදුමක් නොලබැණහොත් හෙටත් (24 ) මේ වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද උන්වහන්සේ මේ පිලිබදව අදහස් දක්වමින් පැවසූහ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.