මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව සිකුරාදා (08) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
වත්මන් රජය යටතේ වු 2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේදී බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා මෙම මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කළේය. මාස 10ක පමණ කාලයක් පුරා එම සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ සාක්කි විමසීමෙන් අනතුරුව සකස් කළ වාර්තාව මෙලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
කොමිසමේ කාලය සිකුරාදායින් අවසන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් කොමිසම සමන්විත විය.
COMMENTS
රනිල්, රවි සහ මහේන්ද්‍රන් විශ්වාස කල බවත් ඔවුන් විශ්වාසය කැඩූ බවත්, රනිල්ගේ සාක්කියෙන් කියවුණා. නමුත් ඔවුන් දෙදෙනාටම රජයේ වියදමින් ඉහල පහසුකම් සපයන අතර විශ්වාස ඝාතකයන්ට නොව දැඩි විශ්වාසවන්තකයින්ට දියයුතු වගකිම් පවරා අැත්තේ අැයි? මේවාට ඡනතාවට උත්තර අවශ්‍ය වුණත් දැන් හදිසියේම කල්දැමෙන්නේ මෙය පිට වුණොත් දේශපාලන අවාසි නිසා බව ජනතාව විශ්වාස කිරීම නැවැත්විය නොහැකිය.