(විනීතා එම් ගමගේ)
විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක‍්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද (25) දිනයේදී කොරෝනා රෝගීන් 41 දෙනෙක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරය කුවේට් සිට පැමිණි පිරිස අතරේ සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
ඒ අනුව කුවේට් සිට පැමිණි පිරිසෙන් 80 කට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය.
අද වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඞ් 19 රෝගීන් ගණන 1182 ක් වන අතර එයින් 477 ක් තවමත් රෝහල්වල ප‍්‍රතිකාර ලබති. සුවවී රෝහල්වලින් පිටව ගිය පිරිස 695 කි. මියගිය සංඛ්‍යාව 10 කි.
ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් 20 වැනිදා සිට මේ දක්වා හමුවූ රෝගීන් පිරිස 134 ක් වන අතර එම කාලය තුළ සුවවී ගිය පිරිස 111 කි. මෙයින් 80 කට ආසන්න පිරිසක් විදේශ රටවල සිට මෙරටට පැමිණි අය වෙති.
පවතින තත්ත්වය යටතේ කොවිඞ් 19 මර්දන වැඩ පිළිවෙලේ තීරණාත්මක සාධකය වන්නේ රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. නමුත් දිගින් දිගටම රෝහල් ගත වන පිරිස අතරින් වැඩි පිරිසක් විදේශවලින් පැමිණෙන පිරිස වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 400 ට වඩා අඩුවෙන් තබාගැනීම අභියෝගයක් වී තිබේ.
පසුගිය දින 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 154 දෙනා හමුනොවුනා නම් මේ වනවිට රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 400 ට වඩා අඩු වනු ඇත.
අද දිනයේත් රුසියාවේ සිට මෙරටට පැමිණි පිරිස 181 දෙනෙකි. මේ වනවිටත් රුසියාවෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 350,000 ඉක්මවයි.
එක් අයෙක් අද මිය ගිය අතර ඇය කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 52 හැවිරිදි කාන්තාවකි. ඇය හෘද රෝගියෙකු බවත් නිරෝධායන මධ්‍යස්ථානයේ දී මිය ගිය බවත් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිය ගිය අනෙක් 9 දෙනා අතරින් තිදෙනෙක් වෙනත් ආබාධ තිබු අය වන බවත් තවත් තිදෙනෙක් රෝගය සඟවා ගෙන අවසන් මොහොත දක්වා සිටි බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග රැකියා අහිමි වෙලා කන්න බොන්න නැතුව අසරණ වෙලා ඉන්න මිනිස්සු එහෙම මැරෙන්න ඇරලා බලා ඉන්නද ලෑස්තිය..? කුවේට් වල අය ගේන්න සති දෙක තුනක් පරක්කු වුණා. ඒ නිසයි ඒ මිනිස්සු ලෙඩ වුනේ. ඒ අය කලින් ගෙන්න ගන්නේ නැතුව ලොකු ලොක්කන්ගේ දූදරුවෝ ගෙන්නගන්න එකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ නිසයි මෙහෙම වුනේ.
අරාබියේ අසරණ වෙලා ඉන්න ලංකාවේ මිනිස්සු ගැන අපේ ආණ්ඩුවට වගකීමක් නැද්ද? අඩු තරමින් ඒ මිනිසුන්ට කන්න බොන්න බඩු ටික අරන් දෙන්නවත් තානාපති කාර්යාලවලට සල්ලි නෑ කියනවා. මෙහෙ තියෙන මිනිස්සුයි එතෙර අපි, සහන වගේ සංවිධානයි දෙන ආධාරවලින් තමයි ඒ අසරණ මිනිස්සු පණ ගැට ගහගන්නේ...
ඔව් දැන් ඔක්කොම අවශ්‍ය අය ගෙන්න ගත්තනේ. සල්ලි හම්බකරන්න ගිය මිනිස්සු ඔහේ මැරිලා ගියාවේ... ලංකාවට සල්ලිටික එවලා.... අපි තව කඩේ යමු.
මේ වසංගතය පටන්ගන්න කලින් ලංකාවට විදේශ විනිමය ලබාදුන්නේ මැදපෙරදිග වැඩකරන අයයි. ලොකු ලොක්කන්ට ලෝකෙ වටේ යන්න, සල්ලි කාරයින්ගේ ළමයින් පිටරට අධ්‍යාපනය ලබාගන්න යවන්න, රථවාහන ආනයනය කරන්න හැකිවුණේ මැදපෙරදිග අාදායම නිසයි. ඒ රටවල්වල දුක්විඳින අය ආපසු ගෙනාවේ අන්තිමටයි.
මාස 2ක් ගියා... තාම සද්දයක් නැහැ... පිටරටින් 20000 හෙව්වට එ්ක එවන්නේ ලංකාවේ අර්ථිකයට, එ්ක වියදම් වෙන්නේ ලංකාවේ බද්දටත් එක්කද..? මිනිසුන්ට එහෙම සලකන එක හරි අසාධාරණයි... අවුරුදු 70ක් දේශපාලකයන් කරේ එයාලට මුට්ටි අල්ලපු එක සලකපු එක... කෙලින් හිටපු මිනිස්සු අන්තිමට රට යන්න වුණා පවුලක් බේරගන්න. අද අාර්ථිකය යම්තාක් දුරට දෙයක් කරන්නේ රට ඇතුලේ ඉන්න අයට වඩා පිට ඉන්න අය. එ්ක මහබැංකු වාර්තාව බැලුවොත් දැනගන්න පුළුවන්.. පිටරට හිටපු මිනිස්සු කරපු දෙය... මට තේරෙන්නේ නැත්තේ ඡන්දයේ තියෙන ප්‍රයෝජනය මොකද්ද තමන්ගේ මිනිස්සුන්ට සලකන්නේ නැත්නම්..? පාසල් පටන් ගන්න කලින් ඡන්දෙ තියන්න ලෑස්ති වෙනවා... කෝකද වැදගත් කියලා මිනිස්සුන්ට තේරෙනවද? නැත්නම් වහල්භාවය නිසා සද්ද නොකර ඉන්නවද කියලත් හිතෙනවා... ගැතිබව නැතිවෙනකන් ඉදිරි අවුරුදු 70 ඔහොම තමයි. කරන්නට දෙයක් නොමැත. බුදුසරණයි හැමෝටම....
හරි හරි.. මුලින් ලස්සනට වැඩේ කරගෙන ගිය ඔබතුමාවත් ගම්කබරයෝ උන්ගේ මල්ලටම දමාගත්තානේ... හොඳයි..! කියන්නකෝ බලන්න පෙරේදා ලංකාවට ගෙනාපු සීෂෙල්ස් කාරයෝ..මොක්කුද...? ඒ අයට තියන ලෙඩේ මොකක්ද...? අලුත්ම ලෙඩක් කියන්නේ ඇත්තද...? රෝග ලක්ෂණ මොනවාද...? මොන මගුලකටද මේ රට ඔය ලෙඩ්ඩුන්ව බාරගත්තේ....?
මේක වැරදි වැඩක්, මැද පෙරදිග මිනිස්සු එහෙම මැරෙන්න අරින්නද ඕනේ? රට විරුවෝ මෙහෙ ඉන්නේ. රට දුවන්නේ මේ අය නිසයි. ගාස්තුවක් අය කරලා හරි මේ අය ගෙන්න ගන්න. නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරන්න. ඔය කුවේට් කෙනා මැරෙන්නේ නැහැ.. මීට ඉස්සෙල්ලා එන්න ඉඩ දුන්නා නම් සහගහන අපරාධයක්...
අසරණ මිනිස්සු යන්න කලින් ගුවන් තොටුපලේ මුදල් අරගෙන රක්ෂණය කරනවා නේද මැදපෙරදේග හැම කෙනාවම...? එම රක්ෂණයෙන් ගෙන්නගන්න පුලුවන් ලංකා රජය මුදල් ගත්නිසා...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් අන්තිමට ගේන්න තියා ගත්තේ මැද පෙරදිග අසරණ වෙලා හිටපු ශ්‍රී ලාංකිකයන්ව. ඒක මුදලට මුල් තැන දුන්නු පාලකයන්ගේ දුෂ්ඨ දේශපාලන තීරණයක්. ඉතා අසීරු ජීවිත ගත කරන, මාස ගානක් තිස්සේ ලංකාවට එන්න බලා හිටපු මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේම රටේ දොර වහන එක ඉතාම අසාධාරණයි. ලෝකේ හැම රටක්ම දොර වැහුවා නම් වැහුවේ විදේශිකයන්ට. කිසි රටක් තමන්ගේ රටේ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කලේ නැහැ. හැබැයි මෙහෙ පිටරටින් එන විදේශිකයන්ව බදා ගන්නවා. ස්වදෙශිකයින්ව ප්‍රතික්ෂේප කරනවා. මැද පෙරදිග ලක්ෂ 2ක් විතර ශ්‍රී ලාංකිකයන් සේවය කරනවා. එයින් 150,000ක් පමණම කාන්තාවන්. නමුත් නැවත ශ්‍රී ලංකාවට එන්න ඉල්ලන්නේ වීසා කාලය ඉකුත් වුනු හෝ වෙනත් කරදර ඇති හෝ රැකියා අහිමි වුනු කාන්තාවන්. ඒ නිසා මේ තීරණය ඉතාම අසාධාරණයි. අගමැතිතුමාට මේකට මැදිහත් වෙන්න වෙයි. ඒ මොකද කිව්වා නම් මැද පෙරදිග සේවය කරන කාන්තාවන්ට මේ කරන කෙනෙහිලිකම බූමරංගයක් වෙලා ආපිට එන්න පුළුවන් නිසා.
කලින්ම මේ පුද්ගලයෝ ලංකාවට ගෙන්වාගෙන නිරෝධන මධ්‍යස්ථාන හරහා රට තුලට ගෙන්වා ගත්තනම් මෙම ජිවිත බේරගන්න තිබුණ, මෙම ජීවිත වලට වගකියන්න ඕනේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය , ඔවුන් රක්ෂණය කරලා රට යවපු ශ්‍රමිකයන් මේ මොවුන් මොනවද කලේ? මොවුන් ලංකාවට එන්න ඕනේ කියලා ඉල්ලීම් කලේ දැනට මාස කිහිපයකට කලින්..., හදිසි අවස්ථාවක තම රටට ඇතුල්වීම පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමක්..., ආණ්ඩුව ගුවන්යානා යවමින් ගෙන්නුවේ සල්ලි කාරයින්ගේ සහ ලොකු ලොක්කන්ගේ තරුණ ළමුන්, දුප්පත් ශ්‍රමිකයන්ට මේ ආණ්ඩුවෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලි, කටාර්වල කොරෝනා වසංගතය පැතිරීම වැඩිවෙමින් පවතින මේ අවස්ථාවේ... එහෙ අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්න බැරි..., ලෝක වෙළඳපලේ අඩුවුණු තෙල් මිලේ සහනයක් වත් දෙන්න බැරි ආණ්ඩුවකින් අපට වැඩක් නැහැ. දොස්තර ජාසිංහ මහත්මයෝ... 400ක් කියලා ඉල්ලමකට සීමා කරන්න එපා.. මේ අතරමන් වෙලා ඉන්නේ අපේ සහෝදර පුරවැසියෝ... දරුපවුල් කාරයින් තමුසේ කියන්නේ මේ මිනිස්සු බල්ලෝ, බළල්ලු වගේ ලෙඩවෙලා කටාර්වල පාරවල්, හිරගෙවල්වල මැරිලා වැටෙන එක අපට බලාගෙන ඉන්න කියලද? මේ මිනිස්සු මෙහෙම දුක් විඳිනකොට අපි සැප විඳලා තේරුමක් තිබෙනවද? මැරෙනවා නම් ඔක්කොම එකට මැරෙමු..
එහෙ ඉන්න අයගෙන් අපට වැඩක් නැහැ.
එහෙ ඉන්න අයගෙන් අපිටත් වැඩක් නැහැ. සර්ට ඡන්දෙ දාන්න විතරක් ඕනෑ නම් ඇවිල්ලා ගියපු දෙන්...
මාත් ලංකාවට එන්න ඉන්නේ රට ඉඳන්... මම ලංකාවේ එම්බසි එකත් එක්ක රෙජිස්ටර් වුණා... ලංකාවට යන්න දවස් දෙකකට කලින් අපි මෙහේ ඉඳන් පී.සී.ආර්. චෙක් කරන්න ඕනේ. එහෙම කරලත් කොහොමද මෙච්චර අයට කොරෝනා හැදෙන්නේ ලංකාවෙදී...?
ඉදිරියේදී කොරෝනාවලින් මැරෙන අයට වඩා පිටරටවල ඉන්න ලංකාවේ උදවිය බඩගින්නේ මැරෙන නිව්ස්, ගිනි අව්වේ ඉන්න තැනක් නැතිව මැරෙන අයගේ නිව්ස්, තවත් සියදිවි හානිකරගැනීම් ගැනත් දාන්න පුළුවන් වෙයි.
දොස්තරට ඕනේ දැන් ඡන්දෙට රට රෙඩි කරලා දෙන්න.... කොරෝනා රෝගීන් නැහැ කියලා රටට පෙන්වන්නද ඔයාල හදන්නේ පිටරට ඉන්න මිනිස්සු මරාගන්නනේ ලොකු ලොකු අයගේ, ආණ්ඩුවේ හිතවත් කට්ටිය ගෙන්වා ගන්නවා කොහොම හරි.... කෝ අද රටවිරුවෝ?
හෙනහතම ගහනවා මේ කරන්න දේවල් වලට. මෙහෙ මිනිස්සු කන්න නැතුව, ඉන්න තැනක් නැතුව බොහෝම අමාරුවෙන් දුක් විඳගෙන ජීවත් වෙන්න පුළුවන් ඉක්මනට ගුවන්යනා එව්වේ නැත්තං මෙහෙ ඉන්න මිනිස්සුන්ට කොරෝනා හැදිලා මැරිලා යයි. ඒක තමයි වෙන්නේ...
රට ඉඳලා ගෙන්වන පිරිස සීමාකළ යුතුයි.. රටට සෞඛ්‍ය සේවයට දරාගන්න පුළුවන් සීමාවට වඩා ගෙන්වල නිකන් අමාරුවේ වැටෙන්නේ මොකටද? ලංකාව කියන්නේ අමාරුවේ වැටුණාම එන්න තියන අනාථ කඳවුරක් නෙමෙයිනේ. හැමෝම රට යන්නේ තමන් ගැන හිතලා මිසක් රට ගැන හිතලා නෙවෙයි. හමුදාවට යන්නේ නම් රට ගැන හිතලයි. ඉතින් රටට ආදරේ මිනිස්සු නම් මේ වෙලාවේ ලංකාවට දුවන්නේ නෑ. අමාරු මිනිස්සු ටික ටික ගෙන්න ගන්න.
කටාර් කියන්නේ සල්ලි තියෙන රටක්. ලෙඩ හැදුණු අය බලාගන්න ස්වාමිවරු දැනගන්න ඕනෑ. ලෙඩ හැදුණාම ලංකාවට ඇවිත් හරියන්නේ නැහැ.
සර්, සීශෙල්ස්වල ලංකාවේ නොවන අය ගේනවට විරුද්ධ නැද්ද?
ඔව් ඉතින් එන අයට හෝටලයේ සල්ලි ගෙවලා නිරෝධායනය වෙන්න තරම් වත්කමක් නැහැනේ. කොහොමත් මැද පෙරදිග රැකියාවලට හරි ඉගෙන ගන්න කියලා හරි ගිය ලොකු ලොක්කන්ගේ ළමයින් නැහැනේ.
සීශේල්ස් ජාතිකයන් වුණානම් ගෙන්න ගන්න තිබ්බා නේද සෑර්...?
සීෂෙල්ස් වලින් මිනිස්සු ගෙන්න ගන්න පුළුවන් . අපේ රටේ මිනිස්සු ගෙන්න ගන්න බැහැ. ආණ්ඩුව ආපු දවසේ ඉදලම අනා ගත්ත එක තමයි කළේ. ලෝක තෙල් මිල අඩු වෙනකොට මෙහෙ වැඩි කරනවා. අත්‍ය අවශ්‍ය භාණ්ඩවලට බදු ගහනවා. විදුලි බිලෙන් ගසා කනවා. මහරගම පිට්ටනියක් හදලා ඒකෙන් මාටියා ගහන්න හැදුවා. ඔක්කොම හරහට. අපට කිව්වේ පුටින් කෙනෙක් කියලා. දැන් ඉන්නේ සුටින් කෙනෙක්.
පිටරටින් ලංකාවට එන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්තානයට යවන්න ඉස්සෙල්ලා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්නේ නැද්ද ? රෝගය සඟවාගෙන සිටියා කියලා ප්‍රකශ කරලා ඔබගේ වගකීමෙන් ගැළවෙන්න බැහැ. සමහරුන්ට රෝගය තිබුනත් මුලින්ම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදුවෙන්නේ නැහැ. ගුවන්තොටුපලේදී පිටරටින් ලංකාවට එන ශ්‍රී ලාංකික පුද්ගලයන් ගුවන් තොටුපලේදීම කොරෝනා පරීක්ෂණයට යොමු කරන්න නැත්තේ මොකද ? මොනවා වුනත් මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලංකික පුරවැසියාට කොරෝනා තිබුනා හෝ නොතිබුනත් තම රටට පැමිණෙන්න අයිතියක් තිබෙනවා. ඔවුන්ගේ එම මුලික අයිතිවාසිකම හිතා මතාම අහුරන්න ඔබට බැහැ. කොරෝනා කියන්නේ ඩෙංගු වැනි මාරාන්තික රෝගයක් නොවේ. තවමත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 1% ට අඩුය. .