ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් ඇතුළු දූත පිරිසක් අඟහරුවාදා (2) මෙරටට පැමිණීමට නියමිතය.
සිකුරාදා (5) දක්වා මෙරට රැඳී සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා මෙම සංචාරය තුළදී මෙරට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම, දෙරට අතර විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම යනාදි කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරන බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දෙරටේ සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සබඳතා ප්‍රවර්ධනය කිරීම ද මෙම සංවාදයේ අරමුණක් වී ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd