IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කතානායකටත් කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන්  තිදෙනෙකුටද කොවිඩ්  වයිරසය ආසාදනයවී ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව  කතානායකවරයා  සිය නිල නිවෙසේ  නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.

මේ අනුව  මෙතෙක් කොවිඩ්  ආසාදනයවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යනු ඇත.

කොවිඩ්  ආසාදිත සේවකයෝ තිදෙනා රාජගිරිය  කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ  සිටිති.

කතානායකවරයාට සහ   එම සේවකයන් තිදෙනාට ආශ්‍රිතවූ ආරක්ෂක නිලධාරීන් ඇතුළු පස් දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබ  සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කතානායකවරයා පසුගිය දිනවල  විවිධ උත්සව ගණනාවකටම සහභාගිවී ඇති අතර  එම උත්සව වලට පැමිණ සිටි  කොවිඩ්  ආසාදිතයකුගෙන්  ඔහුට රෝගය බෝවන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ලංකාදීපයට  පැවැසීය.

කතානායකවරයා දකුණු කොරියානු කතානායකයා ඇතුළු පිරිසක්ද පසුගියදා හමුවිය.

කතානායකවරයාට කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලයද  විෂබීජහරණය කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.

කතානායකවරයාට කොවිඩ්  ආසාදනයවී ඇතත්  ඔහුට කිසිදු අමාරු තත්ත්වයක් නොමැති බව පවසන  පාර්ලිමේන්තු  නිලධාරීහු කතානායකවරයා  බූස්ටර්  එන්නතද  ලබාගෙන සිටින බව ප්‍රකාශ කළහ.

රෝග ලක්ෂණ කිහිපයක් පහළ වීම නිසා කතානායකවරයා ඉකුත් 26 වෙනිදා පීසීආර්  පරීක්ෂණයකට යොමුවී ඇත. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබුණේ පෙරේදා  (27) දිනයේය.

 



අදහස් (4)

කතානායකටත් කොවිඩ්

Udhuli Friday, 28 January 2022 10:14 PM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා...!!!

:       4       0

Rohana Saturday, 29 January 2022 09:36 AM

කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට රැස්වීම්, ජනහමු නොපැවැත්විය යුතු බවට සෞඛ්‍ය උපදෙස් දී තිබියදීත් ඒවා පිළිනොපදිනවිට ඕනෑම කෙනෙකුට රෝගය වැළඳිය හැකියි...

:       7       3

C.K.Lankaputhra. Saturday, 29 January 2022 11:04 AM

ඔය රෝගෙට ධම්මික පැණිය ගුණයි කියනවා නේද සර්...?

:       1       9

Shan Saturday, 29 January 2022 01:43 PM

මේ වතාවේවත් රටට සෙතක් වන ආරංචියක් අහන්න ලැබේවා...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site