IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘ඇමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකියි‘‘

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000ත් 200,000 අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු අනතුරු අඟවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනහි මෙම වයිරසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි එලෙස අනතුරු අඟවා ඇත. හෙතෙම කොරෝනා වයිරසය මර්දනය කිරීමේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායේ ප්‍රධාන පෙළේ සාමාජිකයකු ද වේ.

මිලියන ගණනක් හෝ ඊටත් වඩා වැඩි පිරිසකට වුවද වයිරසය ආසාදනය විය හැකි යැයි ද හෙතෙම කීය. සී.එන්.එන්. රූපවාහිනි සේවයට අදහස් දක්වමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි එම කරුණු සඳහන් කළේය

‘‘මෙය වෙන්න පුළුවන්. එහෙත් නොවෙන්නත් පුළුවන්. කොරෝනා වයිරසයෙන් මරණ 100,000ත් 200,000ත් අතර ගණනක් වෙන්න පුළුවන්. මිලියන ගණනකට ආසාදනය වෙන්න පුළුවන්. එහෙත් මෙය ඇස්තමේන්තුවක්. ඒ මත යැපෙන්න අවශ්‍ය නැහැ. මේ ගණන් වැරැදි වෙන්නත් පුළුවන්. ජනතාව අතරට වැරැදි පණිවුඩයක් ගෙනියන්නත් පුළුවන්’’ යැයි ද හෙතෙම කීය.

වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්‍රතිශක්තිවේදය/නිරෝධායනය පිළිබඳ විශේෂඥයකු වන අතර හෙතෙම එච්.අයි.වී/ඒඩ්ස් සහ තවත් දේශීය සහ ගෝලීය සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් හයදෙනකුට උපදෙස් ලබා දී ඇත.

කොරෝනා වයිරස ආසාදිතයන් මෙන්ම වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පිරිස් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නැතැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි මෙසේ කීය.

‘‘ඔබ පසුගිය සති කිහිපය සමඟ සංසන්දනය කළොත්, අපි දැන් කලින්ට වඩා පරීක්ෂා කිරීම් කරනවා’’ යැයි ඔහු කීවේය.

ඉතා කඩිනමින් සහ පුළුල් ලෙස පරීක්ෂා කිරීම් ආරම්භ කරන්නේ කවදාද සහ දැනට පනවා ඇති සංචාරක සහ රාජකාරී සීමා ලිහිල් කරන්නේ කවදාදැයි විමසූ විට ඒ සඳහා තවත් සති ගණනක් යැයි ද වෛද්‍යවරයා කීය.

‘‘ඒක හෙට වෙනවා කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ලබන සතියේ ඒක වෙනවා කියලා හිතන්නත් එපා. ඒකට ඊට වඩා වැඩි කාලයක් යනවා’’ යැයි වෛද්‍ය ෆවුචි වැඩිදුරටත් කීය.

ඒ.එෆ්.පී.

055



අදහස් (1)

‘‘ඇමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකියි‘‘

de silva Monday, 30 March 2020 11:30 AM

ඔය ළඟ ඉන්න මනුස්සය මේ මාසේ මුල කිවේ... ඕක එච්චර ගණන් ගතයුතු තත්වයක් නොවේ කියල....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site