(නිමන්ති රණසිංහ)
ෂැන්ගිලා හෝටලේහි මරාගෙන මැරුණු බෝම්බකරු වූ කෝටිපති ව්යාපාරික මොහොමඩ් ඉල්හාම් අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී සැකපිට අත්අඩංගුවට ගත් සේවකයින් 9 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ඇප සහිතව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන්ට එරෙහිව ත්රස්තවාදී පනත ප්රකාරව වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා නොකර ඇතැයිද එහෙයින් ඇප ප්රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නැතැයි කියමින් මහේස්ත්රාත්වරයා ඔවුන්ට ඇප ලබා දී තිබිණි.
එසේම මෙම සිද්ධියට අදාලව 10 වැනි සැකකරු පමණක් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
COMMENTS
මරු....නියමයි....මරාගෙන මැරෙන සැකකරුගෙ ගෝලයො රොත්තටම අැප...? මෙයාලා හරියටම පරීක්ෂණය කොරල හිටං බලාගෙන ගියහම අල්ලල තියෙන්නෙ නිකමුන්වද...? නැත්නමි සංහිඳියාව ද.... මට තෙරෙන්නෙ නැහැ මොන නාඩගමක් නටනවද කියලා ....ජාතික සමගියට හිත හිතා ෂොටි එක දෙන්නෙ අපිද..? අාණ්ඩුවද..?
මේක තමා අපේ රටේ ප්රශ්නෙ. මහන්සිවෙලා කැපවෙලා අත්අඩංගුවට ගන්නවා. එච්චරයි. ඒකනෙ කුඩු ප්රශ්න , මිනීමරුවන් , දූෂකයන් ,ත්රස්තවාදය තුරන් වෙන්නෙ නැත්තෙ. නිකම් පුස්ස බින්දා වගේ. ඒ වුණාට මහා සංඝරත්නය , රණවිරුවො හිරේ. අනේ මන්දා...
මරු.. හමුදාවේ හා පොලීසියේ අය ජීවිත පරදුවට තියලා ඔවුන්ව ඇල්ලුවේ මෙහෙම යවන්න වෙන්න ඇති. සමහර විට ඊළඟ ප්රහාරයට සූදානම් වෙන්න වෙන්න ඇති යවන්න ඇත්තේ.. මේ හැමදෙයක්ම මේ ජරා ආණ්ඩුව දැනගෙන තමා වෙන්නේ...
හිතාමතාම ගොනු කරන්න ඇත්තේ ඇප ලැබෙන්නම... මේ හැමෝටම ඕනෑ කොටි ප්රශ්නේ වගේම අවුරුදු ගාණක් මේක ඇදගෙන යන්න කියලයි අපිට නම් හිතෙන්නේ. එතකොට අවි ආයුධ වගේම බෙහෙත් වලිනුත් ගසාකන අයට රජ මගුල්... ඒ වගේම හොරුන්ව අමතක වෙනවා මිනිස්සුන්ට. එතකොට ඉතින් තව සුද්දේ දෙන්න පුලුවන්. හොරු අල්ලන්න ආපු පාලකයෝ අන්තිමට හොරුනුයි, ත්රස්තවාදීනුයි අල්ලගත්තා.
මේ රටේ වෙන හැමදෙයක් ගැනම පුදුම කලකිරීමෙන් ඉන්නේ. නිවට යහපාලනය රට, ජාතිය, අගම කනවා. අපේ දරුවන්ට රටක් නැතිකරලා තමයි මේ හැත්ත විශ්රාම යන්නේ. වැහි නැති හෙන පාත්වෙන්න ඕනේ මේ අයට.
හමුදාවන් අත්අඩංගුවට ගත්තත් පැය 24ක් ඇතුළත පොලීසියට බාරදෙන්න ඕනෑ. නඩු දාන්නේ පොලිසිය. පොලිසිය ත්රස්තවාදී පනත හෝ හදිසි නීතිය යටතේ නඩු දැම්මේ නැත්තන් සැකකරුවන්ට ඇප ලැබෙනවා. කොච්චර කඩු සොයාගත්තත් නඩු දාන්නේ 1/1983 දරණ පිහියා පනතෙන් නම් දඩය රු 250/- (12/2005 පනතට අනුව) සැකකරු නිදහස්...