IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප

( ජුඩ් සමන්ත සහ ඔගස්ටීන් ප්‍රනාන්දු )
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන අයව රුපියල් ලක්ෂ 10 බැගින් බව පුද්ගලික ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අද (06) නියෝග 
කළේය.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කරමින් සිටි ධනසේන සූරසිංහ මහතාට 2008 නොවැම්බර් මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානය තුළදී පහර දී රාජකාරියට බාධා කළ බවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත පෙරේරා යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණයේ චෝදනා ගොනු  කර තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චූදිතයින් දෙදෙනාව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප  මත මුදා හරින ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබිණි.එමෙන්ම සෑම ඉරු දිනකම හලාවත පොලීසිය හමුවේ පෙනී  සිටින ලෙසද චූදිතයින්ට ඇප කොන්දේසියක් පනවා ඇත.

පසුගිය මාර්තු මස 29 වැනිදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී චූදිතයින් ඇප කොන්දේසි කඩ කර ඇති බවට වූ වාර්තාවක් හලාවත පොලීසිය විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

ඒ 2016 ජූනි මස 17 වැනිදා සිට චූදිතයින් හලාවත පොලීසිය හමුවේ පෙනී නොසිටි බව සදහන් කරමිනි.ඒ අනුව අධිකරණ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ චූදිතයින් දෙදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා නඩුව යළි  කැදවීම මැයි මස 23 වැනිදා දක්වා කල් තැබීය.

මැයි මස 23 වැනිදා මහාධිකරණ විනිසුරුවරයා රෝගී තත්ත්වයෙන් රෝහල් ගත වී සිටින නිසා නඩුව කැදවුණු ලැබුවේ මහාධිකරණ රෙජිස්ටාර්වරයා ඉදිරියේය.එදින නඩුව නැවත කැදවීම ජූනි මස 07 වැනිදා දක්වා කල් තබන 
ලදි.පසුව මෝසමක් ඉදිරිපත් කරමින් චූදිතයින්ට ඇප ඉල්ලා සිටීමට නීතිඥ තරංග දිසානායක මහතා කටයුතු කළේය.

ඒ අනුව පසුගිය 30 වැනිදා චූදිතයින් දෙදෙනාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා තීරණය කරන ලදි.චූදිතයින්ට ලබා දී තිබූ පෙර ඇප රාජසන්තක කළ මහාධිකරණ විනිසුරුවරයා එම මුදල අධිකරණයේ තැම්පත් කරන ලෙසද නියෝග කළේය.නැවත චූදිතයින්ට ඇප නියම කරන ලද්දේ රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් යටතේය.

එහිදී  ඇපකරුවන්ගේ දේපල සම්බන්ධ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ඒ අනුව 31 වැනිදා නඩුව නැවත කැදවන ලදි.පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
නමුත් හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇපකරුවන්ගේ දේපල පිළිගත නොහැකි බැවින් ඔහුව නැවතත් මෙම මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

නමුත්  06 වැනිදා නැවතත් නීතිඥයින් විසින් මෝසමක් මගින් ජගත් සමන්ත පෙරේරා  වෙනුවෙන් පනවා ඇති ඇප සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන  කර ඒ අනුව ඇපකරුවන් සම්බන්ධ දේපල පිළිගත හැකි බැව් ප්‍රකාශ කළ  මහාධිකරණ විනිසුරුවරයා ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කරන කළේය.

චූදිතයින් දෙදෙනාට තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම ඉරු දිනකම හලාවත පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කරන කළේය. නීතිඥ තරංග දිසානායක මහතා චූදිතයින් වෙනුවෙන් පෙනී සිටියේය. 



අදහස් (0)

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site