IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්ෆ්ලුවෙන්සා පාලනයට සෑම පියවරක්ම ගන්නවා - ඇමැති රාජිත


 
තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි
 
ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන වැරදි තොරතුරු හා සංඛ්‍යාලේඛණ ප්‍රචාරය වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද පැවසීය.
 
ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මේ වන විට 2510ක් වාර්තා වී ඇති බවත්, දරුවන් 14 දෙනකු සහ වැඩිහිටියකු වශයෙන් මරණ 15ක් වාර්තා වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.
 
ඉන්ෆ්ලුවෙන්සා පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට දී ඇතැයි අවධාරණය කළ ඇමැතිවරයා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කර දී ඇතැයි ප්‍රකාශ කළේය.
 
රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
මේ සඳහා එන්නතක් තිබිය දී එය ලබා නොදීම ගැන ඇමැතුම් ප්‍රශ්න කරන බව කී ඇමැතිවරයා එම එන්නත  භාවිතයට සුදුසුද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ප්‍රකාශ කළේය. ඩෙංගු රෝගය උත්සන්න වූ අවස්ථාවේදී මෙවැනිම එන්නතක් ගැන කතා බහ වුවද එය නුසුදුසු බව කියමින් ලංකාවේ ලබා නුදුන් බවත්, අවසානයේ එම එන්නතින් ප්‍රතිඵලයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේදී පවා කතා බහට ලක්වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
 
මෙම රෝගය වැළැඳුණු ඇමැත් පුද්ගලයන් පෞද්ගලික ප්‍රතිකාර ලබා ගෙන අවසානයේ රෝහල්වලට ඇතුළු වන බව ද, මූලික අවස්ථාවේම රෝහලට ඇතුළුවුවහොත් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රතිකාර කළ හැකි බව ද ඔහු කීවේය. 
 
රෝගීන් ප්‍රමාණය වැඩි වූයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය නම් පෞද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ප්‍රයෝජනයට ගන්නා ලෙස තමා දැනුම් දුන් බව කී ඇමැතිවරයා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරන බව අවධාරණය කළේය.



අදහස් (5)

ඉන්ෆ්ලුවෙන්සා පාලනයට සෑම පියවරක්ම ගන්නවා - ඇමැති රාජිත

Sanath Wednesday, 06 June 2018 09:12 AM

ඇමැතිතුමා කියන දේවල් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඕනෑම දෙයක් කියන්න.

:       0       159

kamal Wednesday, 06 June 2018 09:46 AM

දවස් සීයකින්ද?

:       0       100

කසුන් Wednesday, 06 June 2018 12:01 PM

ඔයාගේ කියුම් කෙරුම් දැන් රටට විහිළුවක් වෙලා !!

:       0       39

Lapaya Wednesday, 06 June 2018 12:12 PM

සිංගප්පූරු රෝහල් වලින්ද දැඩි සත්කාර ගන්න කියන්නේ. තමුන් අපේ සල්ලි වලින් ගත්තා වගේනේ...

:       0       47

Hafeel Wednesday, 06 June 2018 03:15 PM

මේ එන්නත කොළඹ පුරපතිගේ වැසිකිළි නඩත්තුවට වඩා මිල අධිකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site