
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා විවිධ ප්‍රදේශවල පසුගිය කාලයේදී ආරම්භ කෙරුණු විවිධ කර්මාන්ත ව්‍යාපෘති සහ එ් අාශ්‍රිත විවිධ ඉදිකිරීම් මෙන්ම ශිල්ප සභාවේ වගා ව්‍යාපෘති දෙකක් අසාර්ථකවීමෙන් සහ අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි 40 කට අාසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ
බටඅත, ත්‍රිකුණාමලය, බුත්තල, අම්පාර, ඇඹිලිපිටිය සහ රයිගම කර්මාන්ත පුරයන්හි පරිපාලන ගොඩනැගිලි තුනක් සහ නිලධාරී නිවාස තුනක් නිකරැණේ පැවතීම හේතුවෙන් එම ගොඩනැගිලි වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි 16කට වැඩි මුදලක් නාස්ති වී තිබූ බවද එහි දැක්වේ.
එමෙන්ම මිල්ලෑව කර්මාන්තපුරයේ වැසි ජල කානු පද්ධතියක් වෙනස් කිරීමට වැය කරන ලද රුපියල් කෝටි තුනක මුදලක් නාස්ති වී ගොස් අැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි
වැසි ජල කානු පද්ධතිය ඉදිකිරීමේදී පෞද්ගලික ඉඩමකින් අවසන් වීම හේතුවෙන් පෞද්ගලික ඉඩම් හිමියා කානුව අවහිර කිරීම මත එය වෙනස් කිරීමට මෙසේ කටයුතු කර තිබිණ.
මේ අතර අමාත්‍යාංශය යටතේ අැති ජාතික ශිල්ප සභාව 2021 වසරේ සිට 2025 වසර දක්වා ග්‍රාමීය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වගා කිරීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වැය කර තිබුණත් එම ව්‍යාපෘතිය අසාර්ථකවී අතරමග නතර කර ඇත .
අමුද්‍රව්‍ය වගා කළ ස්ථාන 76න් ස්ථාන හතරක පැළවීමේ ප්‍රගතිය වාර්තා කර නොතිබීම, අමුද්‍රව්‍ය පැළවීමේ ප්‍රගතිය සියයට බින්දුක් වූ ස්ථාන දහ අටක් පැවතීම, පැළවීමේ ප්‍රගතිය දහයට වඩා අඩු ස්ථාන අටක් සහ පැළවීමේ ප්‍රගතිය සියයට පනහට වඩා අඩු ස්ථාන 32ක් පැවතීම සහ යටියන්තොට පැළැල්ලේගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කළ නොහැකි ස්ථානයක වේවැල් පැළ 1050ක් වගා කිරීම හේතුවෙන් ගිය වසරේදී මෙම ව්‍යාපෘතිය අත්හිටුවා තිබිණ
තවද බේරුවල හිරිගල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානය අවට ප්‍රදේශයේ ඇති දුනුකෙයියා වගාව නඩත්තු නොකිරීම හේතුවෙන් එයද අසාර්ථක වී තිබුණු බව වාර්තාව සඳහන් කරයි.
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ගිරාඳුරුකෝට්ටේ දිඹුලාගල දික්වැල්ල සහ ත්‍රිකුණාමලය අදියර 111 යන කර්මාන්ත පුර හතර ඉඩම් මැනුම් කරවා ගැනීම, හෙළිපෙහෙළි කිරීම හා ඉඩම් කට්ටි කඩිනම් සැලසුම් පිළියෙළ කිරීම වැනි කටයුතු සඳහා ලක්ෂ තිස් තුනකට ආසන්න මුදලක් වැය කර ඇතත් 2025 වසරේදී එම ව්‍යාපෘතිවල කටයුතු අත්හිටුවීම හේතුවෙන් එම මුදල් නාස්ති වී ගොස් තිබිණ
මේ අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර වැල්ලවාය කර්මාන්ත පුරය ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණද 2024 හා 2025 වර්ෂයන්හි ක්‍රියාකාරී සැලසුම් වල මීට අදාල කටයුතු ඇතුළත් කරමින් ප්‍රතිපාදන වෙන් කරගෙන නොතිබීම නිසා මේ සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් කරගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය කියයි
මේ අතර අමාත්‍යාංශයේ වාහන විසි හයක් ගිණුම් ගත නොකිරීම හේතුවෙන් වත්කම් නිසි පරිදි ගිණුම්ගත කළ යුතු බවට නිර්දේශ කර තිබිණ. තවද අමාත්‍යාංශය සතුව එකතු වටිනාකම රුපියල් තුන ලක්ෂ පනස් පහකට වැඩි යතුරු පැදි 34ක් පවතින බව දක්වා තිබුණද අමාත්‍යාංශය සතුව යතුරු පැදි දෙකක් පමණක් පැවතුණ බව එහි සඳහන්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd