කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ.
ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස්අ මුස්තාෆා මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත "බුවනෙකබා රාජ සභා මණ්ඩපය" සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබේ.
හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගියදා අභියාචනධිකරණය විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම්දීම සිදු කළේය.
යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
COMMENTS
ජොන්ස්ටන් ඇමතිතුමා අරයගෙ මයිල් ගහක් වත් හොල්ලන්න අධිකරණයටත් දෙන්නේ නැති වෙයිද?
ජොන්ස්ටන් තුමාට තුශාර තුමා ගේ මයිල් ගහ හොයාගන්න බැරි වෙලා ද?
ගැලපෙන පුද්ගලයින්ට ඡන්දය දීමෙන් රට විනාශ කරනවා..
ජොන්ස්ටන්ගේ කෙස් ගස් තියනකන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
දියවන්නාවේ රාජසභා මණ්ඩපේට මොකුත් වෙලා නැහැනේ..? ඒක නිසා කමිටුවක් දාලා වැඩේ ශේප් කරමුද?
මොනවා කරන්නද? මෙයාගේ මයිල් ගහක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ... කියපු හාදයින්ගේ ලොම් හැලිලානේ දැන්...
මේ සෙට් එකට ඡන්දෙ දෙන මිනිස්සු තවම ඉන්නවා... බුවනෙක කියන්නේ කලින් හිටපු රෙස්ටුරන්ට් අයිතිකාරයෙක් කියලා කිව්වේ මොහු නේද?