IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න  හුස්ම ගන්න කැමති බවද මන්ත්‍රීවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව වැරදි කරනවා නම් ඒකට විරුද්ධ විය යුතු අතර නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටීම  සඳහා කටයුතු කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද පැවසීය.

පොලිසිය පිළිබඳ ගමේ විශ්වාසය ටිකෙන් ටික ඈත් වෙමින් යන අතර පොලිසියට තිබූ ගෞරවාන්විත නාමය ,විශ්වාසය ජනතාවට ලබා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සඳහා  අමාත්‍යාංශය මැදිහත් විය යුතු බව කීය.



අදහස් (22)

’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’

de silva Thursday, 23 November 2023 02:32 PM

ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ නැහැ. මිනිස්සු ඉවසලා ඉන්නේ ලබන වසරේ ඡන්දෙ එනකන්, ඡන්දෙ නාවොත් අරගලයක් නෙවෙයි එන්නේ සුනාමියක්...

:       3       55

PereraFriday, 24 November 2023 11:38 AM

විකාර. රටෙ බහුතරය මොඩ අමනොග්න නිසා තමයි මෙතරම් කල් නුසුදුසු පුද්ගලයින්ට චන්දෙ දිදී රට බංකොලොත් භාවයට යවන්න පාර කැපුවෙ

:       2       19

ගමේ එකාලා Thursday, 23 November 2023 02:40 PM

අපිට නම් අරගලය වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක්. දූෂිත දේශපාලුවන්ට නම් අරගලය හොඳටම තිත්ත ඇති.. තම දිවිපරදුවට තබා සටන් කරපු වීරෝධාර රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය මොන ජගතෙකුටවත් වට්ටන්න බැහැ. පොහොට්ටුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ගේ චිත්ත දහිරිය නම් බින්දුවටම බැහැලා වගේ...

:       4       43

nina Thursday, 23 November 2023 02:44 PM

මෙයාට වම, දකුණ මාරු වෙලා... මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා නැහැ. ඔහෙලාවනම් අන්තිමටම තිත්ත වෙලා...!

:       4       44

පිටිගල මිලානෝ Thursday, 23 November 2023 02:46 PM

මයිනාට පණ තියෙනකල් නටපල්ලා…!

:       1       46

චන්දිම ෆොන්සේකා Thursday, 23 November 2023 03:39 PM

මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ... අරගලවත්, වෙන මොනවාවත් නෙමෙයි දිගින් දිගටම බලයේ සිටිමින් දිගටම රට විනාශ කරන ඔබලා වැනි දේශපාලකයින්ව...

:       3       53

චන්දන Thursday, 23 November 2023 03:40 PM

නෑ එහෙම නෑ. අපි ඊළඟ එකට සූදානම් වෙනවා..!

:       2       43

wije Thursday, 23 November 2023 03:41 PM

ඒ නම් මෙයාට ගහයි කියලා බයට...

:       2       36

Lalilh Thursday, 23 November 2023 03:45 PM

ඊට වඩා ඔබලාව තිත්ත වෙලා...

:       1       37

wedage Thursday, 23 November 2023 03:51 PM

ඡන්දයක් තියන්නකෝ අපි තිත්ත ඇත්ත ඔය කබර සහිත අයට පේන්න...

:       1       37

Chaminda Thursday, 23 November 2023 04:38 PM

අරගල නම් මිනිස්සුන්ට එපා වෙලා නැහැ. කාලකන්ණි දේශපාලකයින් නම් මිනිස්සුන්ට දැන් පේන්න බැරිවෙලා තියෙන්නේ. මොවුන් කෙලපු කෙලිල්ලට මිනිස්සුන්ට එදා වේල කන්න, බොන්න, හොයාගන්න මහන්සි වෙන්න වෙලා තියෙන්නේ අරගල කරනවාට වඩා. මොවුන්ගේ හිතේ ඒ අය කළා කියලා...!

:       3       30

Nimal Thursday, 23 November 2023 06:10 PM

රටේ ජනතාවට අරගල තිත්ත වෙන්නේ නැහැ... නාකි මයිනා සහ ඔහුගේ හොර නඩය පන්නන තුරු...!

:       4       29

විපරමා Thursday, 23 November 2023 07:13 PM

අපිට නම් රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන් දකින එකත් හරිම පිළිකුල්...

:       2       29

ඉසුරු Thursday, 23 November 2023 09:36 PM

කරපු දේවල් තිත්ත වෙලා හින්දා තමා මිනිස්සු අරගල කළේ. නැතුව ආසාවට නෙවෙයි...

:       2       15

Perera Friday, 24 November 2023 03:59 AM

මේකා ලංකාදීපේ ඔන්ලයින් කියවනවා නම් මෙලහකට සියදිවි හානි කරගෙන

:       0       13

සොරිසේන Friday, 24 November 2023 07:36 AM

තිත්ත වෙලා තියෙන්නේ මිනිස්සුන්ට නෙමෙයි... අරගලය නිසා බලය නැතිවුන අන්ත දූෂිත කාලකන්නි දේශපාලු හොරුන්ට.

:       1       18

Bamunuarachchi Friday, 24 November 2023 08:30 AM

අරගලයට ගිය කාලකන්නි දැන් ඒගැන කතාකොරන්නත් බයයි.

:       25       8

Dasa P Wednesday, 29 November 2023 08:51 AM

දැන් නම් එපා වෙලා... නොදකින්..!

:       0       6

Rata Perata Friday, 15 December 2023 01:06 PM

අනේ යන්න.., ඔයා දන්න ජනතා සිතුවිලි... අපිට ඔබව නම් තිත්ත වෙලා...!

:       1       12

Insurance Gonaa Friday, 22 December 2023 11:03 AM

තිත්තවෙලා තියෙන්නේ අරගල කරන්නේ ඔහෙල වගේ එවුන්ව එළවන්නයි

:       1       10

chandima Saturday, 30 December 2023 07:47 AM

එහෙම හිතෙනවාද?

:       1       2

Banda Saturday, 03 February 2024 08:01 AM

තිත්ත වෙලා තියෙන්නේ අරගල නොවෙයි. ඔයාලා වගේ අය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 502 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 474 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1890 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 954 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2235 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3067 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1583 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site