(නිමන්ති රණසිංහ)
ආර්ථික මධ්‍යස්ථාන වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යනු දිවයිනේ නන් දෙසින්ම පැමිණෙන ජනතාව ගැවසෙන ස්ථානයක් බවත්, කොරෝනා ව්‍යාප්තියේ වේගවත්ම අවස්ථාවේදී ඒවා විවෘත වුවහොත් වයිරසය පැතිරීමේ අවධානම වැළැක්විය නොහැකි බවත් වෛද්‍ය සමරවීර මහතා කියයි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව ස`දහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යනු ඉතා වැදගත් ආර්ථික ස්ථානයක් බවත් එයට දිනපතා විශාල ජනකායක් දිවයිනේ සියලූම ප‍්‍රදේශවලින් පැමිණෙන බවත් සදහන් කළ වෛද්‍යවරයා, යම් හෙයකින් එවන් ස්ථානයක ආසාදිතයන් සිටියහොත් රට පුරාම රෝගය පැතිරීමට ඉඩ කඩ වැඩිවිය හැකි බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ විද්වත් අදහස් අරගෙනද මේ තීරණ ගත්තේ..?