IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘සෙංකෝලය පැහැරගැනීමට යාම ගැන විශේෂ අවදානය‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය   පැහැරගෙන  පාලිමේන්තුව අවට  උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑමේ උත්සාහයක් තිබී ඇතැයි රජයේ බුද්ධි අංශ වලින්  ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කර ඇත.

හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර ,චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්  පාර්ලිමේන්තුවේදී  ඊයේ පස්වරුවේ    ඇතිවූ  සිද්ධියකදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පසෙකට තල්ලු කර සෙංකෝලය  පැහැර ගැනීමට උත්සාහ   දැරූහ

මේ අවස්ථාවේදී  ඇතිවූ පොරකෑම නිසා වේත්‍රධාරිවරයා සහ  නියෝජ්‍ය වේත්‍රධාරිවරයා  සෙංකෝලයද සමග බිම ඇද වැටුණහ.

අනතුරුව ඒ මන්ත්‍රීවරු පිරිස කතානායකවරයා නිවාස අඩස්සියට ගන්නා බව පවසමින්  ඔහුගේ කාමරයට දිව ගියහ.

කතානායක කාර්යාලයේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  වේත්‍රධාරීවරයාට  පහත් ආකාරයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු සභාගර්භයේ සහ ඉන් පිටත නොහික්මුණු ලෙස හැසිරුණු  එම මන්ත්‍රීවරුන් පිරිස සම්බන්ධයෙන්  දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  රැසක්  කතානායකවරයාගෙන් දැනටමත්  ඉල්ලීමක් කර ඇත.



අදහස් (3)

‘සෙංකෝලය පැහැරගැනීමට යාම ගැන විශේෂ අවදානය‘

C.K.Lankaputhra Saturday, 07 May 2022 05:49 PM

එක දවසක් මන්තිරීවරු පිරිසක් මිරිස් කුඩු ප්‍රහාර හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත්තු විදියට මේකටත් දැඩි ක්‍රියාමාර්ග ගන්න...

:       5       27

Kanthi Saturday, 07 May 2022 07:17 PM

ඕක උස්සන් ගිහිල්ලා මොනවා කරන්නද?

:       2       15

Lalith M Saturday, 07 May 2022 07:22 PM

තව ටික කාලකින් පාර්ලිමේන්තුවට යන කෙනෙක් හොයන්න බැරිවෙයි තිබෙන තත්වය අනුව. සෙංකෝලය කෞතුකාගාරයට යවන්න වෙයි.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site