IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


‘අසූ හැවිරිදි මව සිහිසුන්ව ගබඩා කාමරයේ:පුතා ඇතුළු පිරිස ආගිය අතක් නෑ‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

විජය රජදහන ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක සිහිසුන්ව වැටී සිටි  අසූ හැවිරිදි වියේ පමණ වන වයෝවෘද්ධ කාන්තාවක දොරගුළු කඩා මුදා ගෙන අද  ( 5) අලුයම  රෝහල් ගත කළ බව මීරිගම පොලිසිය කියයි .

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවිඩයක් මත සිදු කෙරුණු පරීක්ෂාවකදී පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.

මෙම කාන්තාව පුතකු හා ඔහුගේ පවුලේ පිරිස සමඟ මෙම නිවසේ කාලය ගත කර ඇතැයි ද දින පහක පමණ සිට පුතා ඇතුළු පවුලේ පිරිස අතුරුදන්ව ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවල දි හෙළි වී ඇත.

නිවසේ පදිංචිව සිටි පුතා දෙදරු පියකු බවත් විදුලි කාර්මිකයකු බවටත් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි .

නිවස වසා තිබී ඇති අතර ගබඩා කාමරයේ දොර වසා පිටතින් බැඳ දමා තිබූ බව පොලිසිය කියයි . ගබඩා කාමරයේ දොර විවෘත කර පරීක්ෂා කරද්දී මෙම වයෝවෘද්ධ කාන්තාව ඇඳක් යට වැටී සිහිසුන්ව සිටින දැක රෝහල්ගතකර තිබේ. අනතුරුව සුව සැරිය ගිලන් රථය ගෙන්වා කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබ ඇත .

 

 



අදහස් (1)

‘අසූ හැවිරිදි මව සිහිසුන්ව ගබඩා කාමරයේ:පුතා ඇතුළු පිරිස ආගිය අතක් නෑ‘

ෆ්‍රැන්සිස් Sunday, 05 May 2024 04:15 PM

පුතාම වෙන්න ඇති ඇමතුම දෙන්න ඇත්තෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 23 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද 18 රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 654 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 1734 6

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 291 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්
2024 මැයි මස 18 776 1

මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේ


ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට
2024 මැයි මස 18 636 2

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2333 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1999 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site