IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි

(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර ​සහ ඇල්ල ප්‍රසාද් රුක්මාල්)

ඇල්ල වැල්ලවාය මාර්ගයට  කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18)  රාත්‍රි  8.00  සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මහජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙලෙස රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම මාර්ගය භාවිතා කිරීම සදහා  නිර්දේශ කිහිපයක් ලබා දී තිබෙන අතර තදවැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව දිවා කාලයේ වුවද වසා දැමීමට පියවර ගන්නා බවත් අනෙකුත් අවස්ථාවලදීද අනතුරු ඇඟවීමට මාර්ගය සංඥා කරුවන් යොදවා රථවාහන ධාවනය කිරීමට සලස්වන බවද රාත්‍රී කාලයේදී විදුලි පහන් සවිකර අනතුරුදායක ස්ථාන ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ කර තිබේ. 

මෙම මාර්ගය වසා දමා ඇති විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා  කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා පොලිසිය රියදුරන්ට දන්වා සිටී.



අදහස් (0)

ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 115 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site