
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ.
ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.
මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතාද අද ඇප මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.
සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී ඉන් පරාජයට පත්විය.
මේ අනුව ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන්නේය.
මේ අතර මෙවර ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇතැයි මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.
COMMENTS
බොරු වැඩ. ඒකෙනුත් කෙලවෙන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල් වලට තමයි. කෝටි 50ක වත් ඇප මුදල් තියන්න ඕනෑ. නැත්තන් බල්ලයි කොල්ලයි හැමෝම ඇප තියනවා..!
මේ මනුස්සයා පුදුම අධිතක්සේරුවකනේ ඉන්නේ... පව්...!
කෝ JVP ඇප තිබ්බේ නැද්ද?
දැන්මම ඇප බඳින්න කියපු එක හොඳයි.., නැතිනම් ඡන්දෙ කිට්ටු වෙද්දී වෙන කොහේට හරි හේත්තු වෙන්න ඉඩ තියෙනවා.
මේ විදියට අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ජනප්‍රිය වෙන්නද?වැඩිම උනොත් ඡන්ද 100 ක් ගනියි. ඡන්ද පත්‍රිකාව අපේක්ෂකයින්ගෙන් පුරෝලා ඡන්දදායකයට වදයක් වෙන්නද හදන්නේ. ස්වාධීන සහ අලුක්කාල් පක්ෂවලට ඇප මුදල අවම වශයෙන් ලක්ෂ 50 ක්වත් කරල අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්විය යුතුයි.
මුන් ඔක්කොම බැසිල්ගේ ඉත්තෝ. මාලිමාවේ ඡන්ද කඩන්න දාපු.
හාල් කිලෝව 200ට වැඩී.
මෙයා ඇප තියලා ඇප නතිව යන්නේ.