IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු අගමැති අතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

(නිමන්ති රණසිංහ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසක් අපරාධ නිතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් අද (10) පොලිස් මූලස්ථානයට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට බීමතින් කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන්නැයි ඔවුනට එරෙහිව චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සමගි නිතීඥ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිතීඥ එකමුතුවේ නිතීඥ කමල් විජේසිරි, නිතීඥ තුසිත ගුණසේකර, නිතීඥ රජිත ලක්මාල් සහ නිතීඥ නිශාන්ති වෙත්තසිංහ ඇතු`ථ නිතීඥ පිරිසක් විසින් මෙම පැමිණීල්ල පොලිස් මූලස්ථානයට අද (10) සිදුකරනු ලැබූහ.

අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් සදහා පිට පළාත්වල 3000ක පමණ ජනතාවක් බස් රථවලින් කොළඹට ගෙන්වා අග්‍රාමාත්‍යවරයාගේ දේශනයෙන් පසු, මසකට වැඩි කාලයක් ‘මයිනා ගෝ ගම” සහ “ගෝඨා ගෝ ගම” යන ස්ථානවල  විරෝධාවේ යෙදුණු සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී සාපරාධී බියගැන්වීමට කුමන්ත්‍රණය කර අධාර අනුලබල දීමේ චෝදනාව යටතේ මෙම අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එම පැමිණීල්ලේ සදහන් වේ.

මෙම අපරාධය කුමන්ත්‍රණය කිරීමට චේතාන්විතව අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද එම පැමිණීල්ලේ දක්වා තිබේ.

මෙම අපරාධය වන තුරු බලාසිට එය වැළැක්වීමට නිත්‍යානුකූලව කටයුතු නොකරමින් සිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාත්, මෙම සිද්ධියට අදාළව රැදවියන් කලහකාරී සහ අපරාධමය වැරදිවලට යොමුකිරීමට අදාළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය යන අයට එරෙහිව ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ පරික්ෂණයක් සිදුකර ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිතීඥවරුන් සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇත.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

හිටපු අගමැති අතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site