
(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝකයත් ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියා වලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපනවනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ලබන වසර මැද බිලියන 6 කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් රජයට නැතැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (25)පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරවාරයේදීය.
විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම යටතේ රුපියලේ අගය 240 ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගණදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300 දක්වා ඉහල යාමට ඉඩ තිබෙන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
අපිට දැනගන්න ඕනේ ජෙප්පන්ගේ විසඳුම. අහන්න දෙයක් නැහැ ජෙප්පෝ කියයි අපි ළඟ තිබෙනවා ප්‍රත්‍යක්‍ෂක විසදුම් අපිට බලය දෙන්න කියල. මොවුන්ට බලය දෙනවට වඩා හොඳයි. තම අතින් බෙල්ල මිරිකා ගන්නවා
දැන් අපිට තේරෙනවා 2015-2020 කාලේ මෙයා මොකද කලේ කියලා. මහින්ද ණය උනේ රටට වැඩකරලා. මෙයා ණය උනේ රටට කිසිමදෙයක් නොකර වාහන ගෙන්වන්නයි, පඩි වැඩිවීම් දෙන්නයි. නැවත බලය දුන්නොත් මෙයා ණය අරගෙන අපිව නැත්තටම නැති කොරනවා සිකුරුයි. දෙන්න එපා අයියා දෙන්න එපා.
ඔක්කොම එකතු වෙලා රට විනාස කළා
ආණ්ඩුවේ ඉන්න අයට ඕවා වැඩක් නැහැ. කොහෙන් හරි ගසා කන්ඩ ලේසියි නන්, එහෙම තැන්වලට විතරයි යන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් කොමිස් ගහන්න බැහැ.
රටට දැරිය නොහැකි අන්දමින් ණය ගැනීම පිළිබඳව පසු ගිය වසර 15 ක් තුල සිටි සියලු රජයන් සහ එහි පාර්ශව කරුවන් වග කිව යුතුයි. මොහු පවසන්නේ තිබෙන ණය ගෙවා ගත නොහැකිවූ විට තව ණයක් ගෙන "රෝලක්" දැමීම ගැනයි. මෙය මොහු පැවසිය යුතු දෙයක් නොව. හන්දියේ කඩේ මුදලාලිගෙන් ඇහුවත් ඔය දේ කියයි.
රටේ විනාශයට ප්‍රධාන හේතුව වුණේ බමුණු යුගයේ හණමිටි කරගසාගත් මෝඩ තකතීරුවන් නිසායි.
කවුරු කවුරුත් කයිවාරු ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඩොලර් එක මෙහෙම ගියොත් 1000 පනී වගේ.