
(යොහාන් භාසුර)
හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින් හාල් මිල වැඩි කිරීමෙන් ජනාධිපති ධූරයේ තත්වය පිළිබඳව ගැටලුවත් මතුවන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය.
සහල් සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රටතුළ ඇතිව තිබෙන ව්‍යාකූල තත්වය පිළිබඳව කරුණු දැක්වීමට එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ ද බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බව කී ඒ මහතා ඇමති ලාල්කාන්ත පාර්ලිමේන්තුවෙන් එළියේ ජනකාන්තවාදී පම්පෝරි ගහන එක කරුණාකර නතර කළ යුතු බව ද සඳහන් කළේය.
ගැසට් පත්‍රය අනුව ආහාර සාධාරණ මිලටදීමේ වගකීම වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහට පැවරී ඇති බවත් රටට කිසිදු ආදායමක් නොඑන හොර කවුළුවක් වර්තමාන ආණ්ඩුවෙනුත් විවෘත කර ඇති බවත් ඒ මහතා පැවසීය. මන්ත්‍රී චාමර සම්පත් තුළ ඇති අවංක බව රන්වල තුළ තිබේදැයි සැකයක් මතුවන බව කී ඒ මහතා වී කිලෝ 100 කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළ ද මෙරට හාල් හිඟයක් නොමැති බව ද රණවක මහතා සඳහන් කළේය.
අලි ගම් වැදී වී විනාශ වෙනවා මෙන්ම මාෆියාකාරයෝ හාල් හංගගෙන ඉන්නවා වගේ උත්තර නොදී ආණ්ඩුව වගකීම ගතයුතු බවත් ඒ නිසා ඒ වගකීම ඔවුන් ඉටු කරනවා ඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
මේ කතාව හරියට හරි... මේසෙට ගහනකොට අපි හිතුවා රුපියල් 50 කින් විතර හාල් මිල අඩුවෙයි කියලා.... බැලින්නම් මේසෙට ගහගහ තවත් වැඩි කරපු එක කලේ... හපොයි මෙහෙම පඹ ජනාධිපති...
එක එක්කෙනාගෙන් පිනට කකා හිටපු පචෝරිස්ලාට බලය ලැබුණාම කරකෝලා අත ඇරලා වගේ ඇති. තව ටික කාලයක් දෙන්න ඕන සිහි එළවාගන්න.
ඔයතරම් සත්‍යවාදියෝ නම් බලයේ හිටපු කාලේ වැඩ පෙන්වන්නේ නැතුව, දැනුයි අඩුපාඩු හොයන්න මතක් වෙලා තියෙන්නේ..?
මේ කොයි කවුරුවත් එක් එක් කාලවලදී බලයේ හිටි අය බැරි වුණු මාෆියා පරාජය කරන්න මේ මොකක්වත් නොවේ වත්ත බද්දට දී ඇස්සට අස්සට දත නියවනවා.. මෙන් රජය සතු සියලු පුද්ගලික කරණය කරා දැන් බලා ඉන්නවා වගේ...
දැං ඔහේ මේ ප්‍රශ්නයට දීපු එක පිළියමක් වත් නෑ. හාල් තියෙනවා කියලා මාධ්‍ය සාකච්චාවක් විතරක් තිබ්බා.. තියන තැන කියන්නකෝ.. පෙන්නන්නකෝ ඔහෙගේ ඉන්නවා නේද මහලොකු 43 කල්ලියද මොකක්ද මගුලක්...?
මෙන්න කල එලි බැහැලා , මෙයාගේ ජනතා සේවය කොපමණද කියනවනම් ඇපත් නැතිව නේද පැරදිලා ගෙදර ගියේ