
(සනත් ගමගේ)
අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය.
එක් පුද්ගලයකුට හාල් කිලෝ පහක් බැගින් රජයේ පාලන මිල වන කිලෝවක් රුපියල් 220 බැගින් ලබාදීම මෙහිදි සිදුවිය.
හාල් මිලදි ගැනිමට උදෑසන කාලයේ සිටම ජනතාව පෝලිම්වලට එක් වි සිටියහ. සීමිත හාල් ප්‍රමාණයක් ලබාදිම නිසා බොහෝ දෙනකු පෝලීම්වල සිටිය ද හාල් අවසන් වීමෙන් හිස් අතින් යන්නටද සිදු විය.
අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවල රතු කැකුළු හාල් හිඟයක් පවතින අතර ඇතැම් වෙළඳ සල්වල රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 265 කට තරම් ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කරන බවද පාරිභෝගිකයෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදය දෝරෙ ගලනවා.
NPP එකට ඇඳගෙන ඉන්න ක්ලීන් සූට් ගලවන දවස වැඩිකල් යන්නේ නැහැ.., කමින් සූන්....
මේක පුනරුදයේ පෝලිම කියන්න හදිසි වෙන්න එපා. මේක තමයි රටේ යථාර්ථය සැඟවීමේ ප්‍රතිඵලය. වී නිෂ්පාදනය සම්බන්ධයෙන් කව්ද මේ දත්ත දුන්නේ. ඒක නිසයි රටේ දේශපාලන අධිකාරිය නොමඟ ගියේ...!
මැදමූලන වලව්වේ දංකුඩ කාපු වහල් බයියන්ට කැකුළු හාලුත් හොඳ වැඩියි. තණකොළ පුන්නක්කු පෝලිම් නැතුවම දෙන්න ඕනේ...!
ඇමැතිගේ මල්ලිගේ ගිණුමේ කෝටි විසිහතයි. මහින්දගේ ආරක්ෂකයාගේ වත්කම් කෝටි පන්සීයයි. ඕවා මාලිමාවේ අය එළවලා පරණ අයම ගෙන්වාලමු. අපිටත් පුළුවන් ඒ තත්වයට එන්න...
හිටපු කෘෂිකර්ම ඇමැති රට පුරා කීරිසම්බා වපුරන්න යයි දුන් අනුවණ විධානයේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්නෙමු. දියවැඩියා රෝගීන්ට මෙන්ම යහපත් සෞඛ්‍යයට කැමැති සියල්ලන්ට සුදුසු සහල් ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන රතු කැකුළු සහල්වල උග්‍ර හිඟයක් පවතී. ලොකුම අභාග්‍යය නම් රතු සහල් වගා කිරීමට කැමැති කුඹුරු හිමියන්ටත් එය නොකළ හැකි තත්ත්වයක් උදාවීමයි. වෙල් යායම එකම වර්ගයක වී වැපිරුවේ නැතිනම්, ගොයම් මැස්සන් හානි කරන බැවිනි. විසඳුමක් ලෙස මෙතෙක් කල් අපගේ වී වෙනත් අයට විකුණා අප වෙළෙඳපොලෙන් රතු කැකුළු සහල් මිලදී ගත් නමුත්, දැන් රතු කැකුළු සහල් නැත. ඊයේ දිනයේ පමණක් මම වෙළෙඳසැල් තුනකට ගියෙමි. ඒ, දියවැඩියාවෙන් පෙළෙන මගේ වියපත් මව සඳහා කුමන වර්ගයේ හෝ රතු සහල් ටිකක් මිලදී ගැනීමටයි. නමුත්, නිවසට පැමිණියේ හිස් අතිනි.
2048 සෞඛභාග්‍යය උදාවෙනකල් බලාගෙන හිටපු උන්ට දැන් මාස 2 ක් ඉවසන්න බෑ වගෙනේ
මේ ආණ්ඩුව පොඩි මිනිහාට, ගොවියට, කම්කරුවට කිසිම සහනයක් තාම දුන්නේ නෑ . ලොකු දේවල් කරන්න කලින් ජීවන වියදම ටිකක් අඩුකරලා අහිංසක මිනිසුන්ගේ බඩ කට පුරවලා හිටිය නම් හොඳයි නේද, නැත්නම් ගෝඨාභයත් වඩා කලින්ම ගෙදර යන්න වෙයි වගේ. දුප්පත් අහිංසක මිනිසුන්ට ඔය සෝබන වචන වලින් වැඩක් නැහැ...
සෙනවිරත්න අපුල්ලනවා අපුල්ලීමක්. ආයේ ලොවෙත් නැහැ. ඕනේ ජරාවක් හෝදා පිරිසිදු කරනවා. ක්ලීන් ශ්‍රීලංකා
වසරේ හොඳම දෝනිට හිමි සම්මානය හිමි කරගන්නේ... සෙනවිරත්න අපුල්ලන්නෝ...
ඔහොම වෙලා මදි. හාල් නෙවේ දෙන්න ඕනේ, පුන්නක්කුයි තණකොළයි.
සෙනවිරත්නට වස්තරේම මලපහ වෙලා, කොත්තුව රහයි කියනවා.