
ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දෙමින් රට පුරා ජනතාව කටයුතු කරන අයුරු දකින්නට ලැබේ.
කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා තිබේ. එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද මුළු මනින්ම අඩාල වී තිබේ.
අධික ජනාකීර්ණ නගරයක් වන කොළඹ නගරයද අද (6)දිනයේ හිස් පාළු ස්වාභාවයක් ගෙන ඇති අතර කොළඹින් පිට නගරද මේ අයුරින් පාළු වී තිබේ.
(ළහිරු හර්ෂණ - කොළඹ නගරය )


( වවිනියාව නගරය- සිතුම් චතුරංග)



(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මීරිගම ලෝලුවාගොඩ පිහිටි ආයෝජන කලාපයේ පන් දහසක පමණ සේවක සේවිකාවෝ හර් තාලයට සහාය පළ කරමින් පෙළ පාලියෙන් මීරිගම නගරයට යන අයුරු.


( නිකවැරටිය- ප්‍රියානි මංගලිකා )


(යොහාන් බාසුර- පානදුර නගරය)


(කොටුව දුම්රියපොල - ශාන්ත රත්නායක)




පිටකොටුවේ බැස්ටියන් මාවතේ ගෝඨාභයගේ මළ බත උයමින්
(ඡායාරූප: ශාන්ත රත්නායක)



(පිටකොටුව පුද්ගලික බස් නැවතුම්පොළ - ශාන්ත රත්නායක)



COMMENTS
අන්තිමට මේ වගේ හර්තාලයක් තිබ්බේ 1953 ඒ ආණ්ඩුව එලවන්න. ඒ කියන්නේ අවුරුදු 69ක් ගිහිල්ලත් අපි ආපහු 53ට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම දියුණුවක් වෙලා නැහැ. ආපහු හදන්නේ ආණ්ඩුව ගෙදර යවන්න. මේ රට හැදෙන එක හීනයක් විතරයි.
හර්තාලය කරන්න කළින්ම රට අඩපණ වෙලා තමයි තිබුණේ. නරුමයින් රංචුවක් පාලකයින් හැටියට පත්කර ගත්තු එකේ ශාපය. දැන් ඒ අයට ඡන්දෙ දුන්නු අය හොයා ගන්නත් නැහැ.
කාලකණ්ණි ආණ්ඩුව ඔලුගෙඩි මාරුකරමින් අපිව රවටන්නේ නැතිව කරන්න බැරි නම් ගෙදර යන්න.