
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය.
රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සදහා 2013 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද ප්‍රකාශ කළාය.
අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු අගමැතිවරිය ඔහු ගිය සංචාර තිස්තුනක් වෙනුවෙන් 154 දෙනකු සහභාගී කරවාගෙන ඇතැයිද සඳහන් කළාය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල් ලක්ෂ 18ක මුදලක් පමණක් බවද ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර ජනාධිපතිතුමාට ප්ලේන් එකේ නොයා මීගමුවේ මාළු බෝට්ටුවක් අරගෙන විදේශ චාරිකා ගියොත් තවත් සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙයි.
අන්න සහෝදරයා වෙනස.
අන්තිම මොහොතේ ගත්තු තීරණය ගැන පවුලේ ඤාතීන් සියලුදෙනාම ඉතා සතුටට පත්වෙනවා. මේ රට මේ තත්වයට මාරුවෙන් අප ඡන්දය දීලා අපි විසින්ම කරගත්තු විනාශයක්. ඉහගෙනම කෑවා. අනේ අපේ දරුවෝ මන්ද පෝෂණය අතපය කෝටු කෑලි වගේ. ඇයි ආයේ රට සුඛිත මුදිත කරන්න ඡන්දය ඉල්ලන්නේ? කාපු රස මතක් වෙනකොට දුක දරාගන්න බැරුව...!
කයිවාරු නැතිව ඔඩිට් වාර්තිවක් දාන්න.
අධ්‍යාපනයට 6% කෝ?
ලක්ෂ 18 වියදම් කරලා තමයි අර උත්සවය මැද්දේ ශර්ට් ගලවාගෙන බොත්තම් දාගෙන විකාරයක් කරේ. ජනාධිපති සල්ලි ඉතුරු කළා කියලා වෙන්න ඕනෑ... වැඩේ හරියට වෙන්නේ නැත්තන්, ඒ ඉතුරු කිරීමට වඩා ලොකු හානියක් රටට වෙන්නේ... මොනවද මේ විහිළු වැඩ? රට ගිහිල්ලා මූණ පෙන්නන්න විතරක් නෙමේනේ යන්නේ. රටට මොනවා හරි ආධාරයක්, ආදායම් මාර්ග අරන් එන්න නේ යන්නේ. දැන් ඔය වියදම් වෙච්චි ගණන් එක්ක දාන්න අපි ලබාගත් සහනවල වටිනාකමත්. මොවුන් නම් අවුරුදු 5 ඉවර වෙනකන්ම අනිත් අයගේ කුණු අවුස්ස අවුස්සා ඉන්නවා මිසක් වැඩක් නම් කරන්නේ නෑ.
මෙහෙමයි ඇන්ටි, මහින්ද, සිරිසේන වියදම් කරලා වැඩියි. රනිල් නම් ගිය ගමන් වලින් රටට ලොකු වැඩක් වුණා. අනුර රට ගියාට වුණු වැඩේ මොකද්ද? ලක්ෂ 18 ගියාට බොත්තම් ටිකවත් හරියට දාගත්තද?
තවත් බලා ඉන්නේ නාකි මයිනාට. පොඩි ගෙයක් හරි, අම්බලමක් හරි හොයලා දීලා. රජයේ වටිනා නිවස රජයට බාරගන්න. හැම මනුස්සයාම වයසට යනවා... මෙයාට විතරක් විශේෂයක් මොකටද? රටේ මිනිසුන් ගැන අනුකම්පාවක් නැති නාකි නඩේට තවත් සැප දෙන්නේ ඇයි? බලයට ආවේ එක රැයින් ඉවර කරන විදියට. දැන් ඒවා පෙන්නලා කියලා වැඩක් නැහැ. ක්‍රීයාවෙන් ඔප්පු කරලා ඊට පස්සේ පෙන්වන්න. අන්තිමට කියන්න එපා මේ තරම් වටිනා නිවසක. මෙපමණ කාලයක් ජීවත් වුණා කියලා. ඇයි ඔය පවුලට තියෙන වන්චා, දූෂණ... මිනීමැරුම් නඩු යට ගහන්නේ...!
ලක්ෂ 18 චීනෙත් ගිහිල්ලා ඉන්දියාවේත් ගිහිල්ලා, ඩුබායි ගිහිල්ලත් ආවා, අපි ඉතින් හාවෝ...
ඔයාලාට ආණ්ඩුව දුන්නේ මේ රටේ ආර්ථිකය ගොඩගන්න ගමන් මිනිස්සුන්ට සහනයක් දෙන්න මිසක් පහුගිය ආණ්ඩු ගැන කියකිය වාතයක් වෙන්නේ නෙමේනේ. රාජපක්ෂ ඉන්නා කාලේ ඒ මිනිහා රටට ප්‍රොජෙක්ට් බර ගාණක් ගෙනාවානේ. ඔයාලා මොනවාද ගෙනාවේ? මොනවද අලුතින් පටන් ගත්තේ? රනිල් ලෝකෙ වටේ ගිහින් හිඟා කාලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරා. ඔයාලා මොකද්ද අලුතින් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තු පියවර? ගෝඨා පත් කරපු මිනිස්සු ටික දාගෙන යන්තම් ආණ්ඩුව කරගෙන යන ගමන් ඒ මිනිස්සුන්ට බනිනවා. පුළුවන් නම් ඔවුන් අයින් කරලා පෙන්නපල්ලාකෝ...!
සමලිංගික අධ්‍යාපනේ ඉක්මනට පෙළ පොත් වලට දාන්න. එතකොට මාලිමාවට ඡන්දෙ දුන්නු අයගේ අමාරුව හොඳ වෙයි.
මම මේ කල්පනා කරන්නේ ඊළඟ සතියට දාන ලිස්ට් එක මොකක් වෙයිද කියලා...!
කරෝලිස්ගේ මොලේ පාදන්න නම් 6% නෙවෙයි, 116% මදිවෙයි. සාකච්ඡා වුණු වැය ශීර්ෂය මොකක්ද කියලාවත් දන්නේ නෑ...
මොවුන් සේරම රටේ මුදල් වලින් සුරසැප විඳලා... විස්තර හෙළිකළාට ඇක්ෂන් නෑනේ...
ඒ airline එක අපිටත් කියන්නකෝ...? මට තනියම චීනේ ගිහින් එන්න ලක්ෂ 12ක් ගියා... මේ වගේ බොරු අහලා ඒවා පිළිගන්න අය ගැන ඇත්තටම කණගාටුයි...!
කයිය නායකටම ගැළපෙනවා.
අනුර කුමාර ජනාධිපති මේ මාස 4 ට තුන් පාරක් පිටරට ගියා ගෙනාපු ඩොලර් එකක් නම් නෑ. ඔහුගේ වියදම් පිළිගන්න අමාරුයි. ඒවා ස්වාධීන තුන්වෙනි පාර්ශ්වයකට දීලා විමර්ශණය කරන්න ඕනේ. ඔබලාගේ පක්ෂ අරමුදලෙන් වියදම් කරන්න ඇති. පක්ෂ අරමුදල විඝණනය කරනවාටත් ඔබලා විරුද්ධ වුණා නේද? ඒ අරමුදලට කෝටි ගණන් සල්ලි එන හැටි ජනතාව දැන ගන්න ඕනේ නැද්ද? අනිත් අයට එහෙම බිලියන ගනන් තියෙන පක්ෂ අරමුදල් නෑ.