IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් අතරතුරදී ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව  සඳහන් කළ අමාත්‍යවරයා  ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විස‍ඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින්   වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව කීය.



අදහස් (5)

සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන්

lakmal Thursday, 23 January 2025 03:30 PM

සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් සිදුවන වැරැදි වලින් මියගිය ඇත්තන්ටත් බොරු හේතු දාලා හොරට වාර්තා හදන එකත් එක හේතුවක්. වෙන රටවල නම් ඒවාට නීතිමය පියවර ගන්නවා. අපේ උන්දැලා හොර වාර්ත හදනවා නැත්තම් රට පනිනවා.

:       2       8

Lalla Thursday, 23 January 2025 03:46 PM

කරුණාකර ජයවර්ධනපුර රෝහලත් පරීක්‍ෂා කර බලන්න. හරියට සාමාන්‍ය රජයේ රෝහල්වල තත්ත්වය සමානයි. නියමිත වෙලාවට සායන පටන්ගන්නේ නෑ. තැන්තැන්වල සේවක සාකච්ඡා. හිතවතුන්ට කලින් අවස්ථාව දීම. අනික සමහර ස්ථාන ජරාවාස වෙලා...

:       2       5

de silva Thursday, 23 January 2025 04:56 PM

රජයේ රෝහලකට ගියාම පෙනෙනවා දර්ශකේ කොහොමද කියලා...

:       3       6

NimalFriday, 24 January 2025 05:56 AM

පිටරටකට එහෙම ගියා නම් බලා ගන්න තිබ්බ ඒවගේ ගණන්... X-ray එකක්, සමහර රටවල, ලංකාවේ මුදලින් 40,000ක්. අපේ අයට, නොමිලේ දෙන්නා සේවයේ, කිසිම අගයක් නෑ... මිනිසුන් 1000ක් විතර OPD එකකට ආවහම, පොඩ්ඩක් හිතලා බලන්න ලේසියිද කියලා... අපේ කට්ටියට බස් එකක් ආවත්, පොර කනවා නගින්න...

:       0       0

Duminda UdayakumaraFriday, 24 January 2025 09:26 AM

කවද්ද අන්තිමට ගියේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site