IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ.

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි.

කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු  අවසන් කරමිණි.

විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ තනිවම නොව, එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.

සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පලපුරුදු නාසා ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍ය ආධාරකරුවන්ගේ අවධානයට ලක්වූහ. ඔවුන් දෙදෙනාට තව ටික දිනක්, හූස්ටන් පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවෙයි. ඒ, වෛද්‍ය අධීක්ෂණය යටතේය.

(නාසා අයතනය)



අදහස් (0)

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site