
(චාපා මධුභාෂිණී)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
තියුණු ආයුධ පහරින් බරපතල තුවාල ලබා ඝාතනයට ලක්ව ඇත්තේ අංක 831, වැලිඇල, කිරිමැටිය ලිපිනයේ පදිංචි 51 වියැති මවකි.
බරපතල තුවාල සහිතව සිටි මෙම කාන්තාව එම අවස්ථාවේදීම ගල්අමුණ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇය මිය ගොස් ඇත. ඝාතනය සිදු කළ බව කියන වයස අවුරුදු 56 වන මිය ගිය කාන්තාවගේ ස්වාමියා හිගුරක්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd