
(ෂේන් සෙනෙවිරත්න)
ගන්නොරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක උසස් පෙළ හදාරන සිසුවකු බව කියන අයකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500 ක් සහ අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 900 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ලබන වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිතව සිටි එම 18 හැවිරිදි සිසුවා පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පේරාදෙණිය කැන්දකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලෙ කාලේ ඉඳලම ව්‍යසායකයින් බිහිවෙන එක රටේ අනාගතය සුරක්ෂිත බවට සහතිකයක්.