(යොහාන් භාසුර)

මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට ඉටුකරමින් සිටින බවත් විභාගය කල්දැමීමට මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.