(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.
ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා මහත්වරු අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් කනිකරම සුපුරුදු විදිහට රටම දේශපාලනීකරණය නම් කරනවා. දැනට පේන්න තියෙන්නේ ඒක සහ පහළම මට්ටමේ ඉන්න අයගේ අතිශයෝක්ති ගීත තමයි. නොබැඳුණු මනසකින් බලා ඉමු. හොඳක් කළොත් ඒක රටටනෙ
සුවසැරියත් ඉවරයි. අලුත් අය දාන්නේ හිටපු අය වරදක් කරලා තියෙනවද? නැත්නම් තමන්ගේ ඉත්තා දාලා කීයක් හරි කඩා ගන්නද?
ඉන්දියාවෙන් නොමිලේ ලැබුනට එහි අයිතිකරු ආර්ථික විශේෂඥ හර්ෂගෙන් ඇහුවද පත්කිරීම් වලට පෙර?
සුව සැරිය කියන්නේ සීයට ඉන්දියාවෙන් ලැබුණු තෑග්ගක් . ඒකාලේ ඕක විවේචනය කරපු විමලයයි , ජෝස්චර පාදෙණිය ඇතුළු නඩය දැන් කොහෙද? හර්ෂ මේකේ අයිතිකාරයා වෙන්න හැදුවට සැබෑ හිමිකරු සීයා තමයි .
ඕකේ ඉන්න ජේෂ්ඨ විද්‍යා නිලදාරියා කියන අය ඩියුටි රෝස්ටර් එක විතරයි හදන්නේ. මාසයකට ලක්ෂ 4.5 ගෙවනවා. රටේ සල්ලි... මේ ගැනත් හොයා බලන්න.
යහපාලන ආණ්ඩුවෙන් කරපු (ඉන්දීයාවේ මෝදීට ස්තූතියි කරන්න ඕනේ) දෙයක්, අගය කරන්න ඕනේ ඒවා අගය කරන්න ඕනේ. හැබැයි පොහොට්ටුවේ උන් කියපු විදියට එදා ඕක ලංකාවට ආවේ නැත්තං අද ලංකාවේ බර ගානක් ජීවිත නැති වෙන්න තිබ්බා.