IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සේවය හැර ගිය සිවිල් ආරක්ෂකයින්ට වැඩිපුර ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම මුදල් කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත්ව තිබූ බව එහි දැක්වේ.

මේ අතර මියගිය සහ විශ්‍රාම ගිය සේවකයන්56 දෙනෙකුගෙන් තිස්හත් දෙනෙකුට රුපියල් ලක්ෂ එකොළහකටම වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙලෙස වැඩිපුර මුදල් ගෙවා තිබුණේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වාය.

මේ අතර මාන් කේන්ති කජු ව්‍යාපෘතියේ කජුගස් අටදාසත්සිය අසූ හතක් ඇති බව සඳහන් වුවද දැනට පවතින්නේ කජු ගස් 3682 ක් වීම හේතුවෙන් කජු ගස් 5105ක ඌණතාවයක් පැවතුණ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කජු වගාව සඳහා භාවිතා කරන මොස්පිලාන් පැකට් 2930ක් තාවකාලික ගබඩාවේ අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් එම පැකට් සියල්ල කල් ඉකුත් වීමෙන් රජයට ලක්ෂ තිස් එකක පමණ පාඩුවක් සිදුව ඇතැයි විගණන අංශ පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

සේවය හැර ගිය සිවිල් ආරක්ෂකයින්ට වැඩිපුර ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 104 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 320 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 621 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2017 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 496 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 379 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 483 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site