
(සුජිත් හේවාජුලිගේ)
දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ලොකු කුඩා වැඩ වර්ජන හේතුවෙන් රටට සෘජුව හා වක්‍රව සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි ලක්ෂය ඉක්මවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉහත කාල සීමාවේදී වැඩ වර්ජන වැඩි වශයෙන් සිදුවී ඇත්තේ දුම්රිය, විදුලිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යනාදී ක්ෂේත්‍රවලය.
මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් කරගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති පාඩුව දළ වශයෙන් කෝටි1200 ඉක්මවන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
එම සේවකයන් මේ දක්වා වැඩ වර්ජනය කර ඇති දින ගණන 72කි.
COMMENTS
මොනව කරන්නද, මේ තව පෝය තුනකින් ජනාධිපති වෙන්න දගලන ජෙපි සුනඛ උප්පරවැට්ටිනෙ. උන්ට ඕන රටට හෙන ගැහිල හරි ලපය රජ කරන්න. දැන් වැරදෙනකොට අපි නෙවෙයි කියනව.
රට පාලනය කරන හොරු රැල හොරකම් කලේ රටේ ධාන්‍ය ඊට වඩා වැඩියි නේද?
ඔය පාඩුවට වඩා ලොකු පාඩුවක් නේද.....ඩොලර් බිලියන 26 ණය කන්දක් මේ මාස 6ට ලංකාවට ගොඩ ගහපු එක. ... නිෂ්පාදන ආර්ථකයෙන් බැහැර වෙලා ණයට කන රටක් කරේ කවුද...ඒක නේද පුංචි හරි පඩි වැඩි වීමක් දෙන්න අමාරු.....මේ රටේ සොච්චමක් ඉල්ලලා ස්ට්‍රයික් කරන පුංචි මිනිස්සුන්ගේ ගණන් හිලවු විතරද පේන්නේ...
රට විනාශ කරලා ඉල්ලීම් දිනා ගන්නා කැනහිලුන්...සහකාර තනතුරු වලටත් වාහන බලපත්‍ර ඉල්ලනවා
මහාචාර්ය වසන්ත අතුකුරල් තුමනි, මට ඔබව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පිළිගත නොහැක, මන්ද ඔබ පිළිගත් සඟරාවල ප්‍රකාශන කිසිවක් නොමැති බැවිනි. බොහෝ AL උපකාරක පන්ති ගුරුවරු ඔබට වඩා ආර්ථික විද්‍යාව දන්නවා. ඔබට අවශ්‍ය වන්නේ ප්‍රචාරණයයි. විෂය සඳහා ඔබට කිසිදු දායකත්වයක් අවශ්‍ය නොවේ. ඔබ මහ බැංකුවේ දත්ත ගබඩාවෙන් යම් යම් තොරතුරු රැස්කර ඔබේ නමින් ප්‍රසිද්ධ කරනවා. ඒක ඔබේ විශ්වවිද්‍යාලයට ලොකු ලැජ්ජාවක්. ශාස්ත්‍රාලිකයෙකු ලෙස කරුණාකර මෙවැනි ප්‍රචාරයක් බලාපොරොත්තු නොවන්න.
විශ්ව විද්‍යාල වෘත්තිකයෙකු ලෙස, ඔබ විශ්ව විද්‍යාල වර්ජන වලින් යම් ප්‍රතිලාභයක් ලබා ගත්තාද? ඔබ ලබා ගත්තේද නැද්ද යන්න සඳහන් කිරීම වඩා හොඳය, වර්ජන හොඳම විකල්පය නොවන බව අපි ද පිළිගනිමු, වර්ජකයන්ට පමණක් දොස් නොකියන්න, පෙර විසඳුම් ලබා ගැනීම අවම කිරීම සඳහා අදාළ අධිකාරියට වගකීමක් ද ඇත.
ඒකත් එහෙම නම් නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙන කාලයේ එම වර්ජන මෙහෙයවූ හා දැනටමත් ඒවා කරන පිරිස් දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා දැන් වෙන පිරිසක් තෝරා ගන්න ඕන කියලා කිව්වම හරිද මුලින්ම 1952 අරගලයේ සිට සිදුකල වර්ජන තර්ජන නිසා රටේ සංවර්ධනය අඩාල වුනා කිව්වොත් නේද හරි ඒ නිසා දැන්වත් ඔය ජනතා මුදලින් වැටුප් ලබන තනතුර සදහා බදවා ගැගැනීමේදී ජනතාව පීඩාවට පත්වෙන ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තහනම් නොකලොත් රට හදන්න බැහැ ඔය වර්ජන කරන කිසිම කෙනෙක් රජය බලහත්කාරයෙන් සේවයේ යොදාගෙන නැහැ ඒ නිසා වෘත්තීය සමිති කාරයින්ට ඔහොම කරන්න දීලා ජනතාව පීඩාවට පත්කිරීම අනුමත කරන්න බැහැ දැන් පේනවා නේද පැවති ආණ්ඩු සිදුකළ සංවර්ධන කටයුතු වලට වඩා සිය ගුණයක් වර්ජන වලින් විනාශ කර තියෙනවා කියලා
අන්තරේ කියලා ඉන්න අනිත් හරක් ටිකටත් ඕකට වග කියන්න ඕනේ...
දැන් 3% අයට හොඳට නින්ද යයි...