
(අංජුල මහික වීරරත්න)
"සුරැකෙමු මගතොට" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම සඳහා පාසල් සිසුන් මුලික කරගෙන "Take Care - සුරැකෙමු මගතොට " යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබේ.
එම ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් සැලසුම් කර ඇත.
පාසල් වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින්, සංඛ්‍යාත්මකව 100ක් වූ අධ්‍යාපන කලාපයන්හි යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000 ක් සෘජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ ආයතනවල සහයෝගය ඇතිව සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ළමුන්ටත් දෙමාපියන්ටත් පාරෙ දකුණු පැත්තෙ යන්න උගන්වන්න. පදික මාරුව උඩදි අනතුරු නොවන දිව්‍යමය බලයක් ඇති තැනක් නොවන බවත් පදික මාරුවෙන් යා යුත්තේ දෙදෙනාගේම අනයෝන්‍ය අවබොදය මත බවත් වටහා දෙන්න. පදකයන්ගෙ අනතුරු බාගයක් අඩුවෙයි. ඒ වගේම පාරෙදි කවා පොවමන් පන්ති දක්කගෙන යන දෙමාපියනි කනබොන ඒවා ඔතා ඇති දවටනත් කන්න නැතිනම් ගෙදර ගෙනයන්න, පාරෙ තැන තැන දමා යන්න එපා.