කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙණිය දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සමන් ජයලත්ට එරෙහි නඩුව ජනවාරි 25 වැනි දා සිට අඛණ්ඩව විභාග කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (13) නියෝග කළාය.
සාක්කිකරුවන් 30 දෙනාට සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරිය ලේඛකාධිකාරීට නියෝග කළාය.
2015 සැප්තැම්බර 12 වැනි දා සේයා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් සැකපිට කොටදෙනියාව පොලිසිය විසින් පාසල් සිසුවකු සහ එක්දරු පියකු ද, සමන් ජයලත්ගේ සහෝදරයා ද අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයෙන් ඔවුහු නිදොස් කොට මුදා හරිනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන් පසු අත්අඩංගුවට ගත් සමන් ජයලත්ගේ ඩී එන් ඒ හා සේයාගේ සිරුරෙන් සොයා ගත් ආගන්තුක ජෛවීය කොටස්වල ඩීඑන්ඒ ගැලපෙන බව ජින්ටෙක් ආයතනය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතාට දැන්වීය.
ඒ අනුව නීතිපතිවරයා සමන් ජයලත්ට එරෙහිව මීගමු මහ අධිකරණයේ නඩු පැවරීය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේයා ඝාතන නඩු විභාගය ජනවාරි 25
දිස්නා Wednesday, 13 January 2016 06:45 PM
ඒ දරුවාට කළ අපරාධයට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
බේරුවලගේ ප්‍රියංග Wednesday, 13 January 2016 10:48 AM
ගල් ගසා මරන්න නියම කළා නම් හොදයි (බ)