(රංජිත් රාජපක්ෂ   )         

වටවල පොලිස් වසමට අයත් වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් සිය සැමියා විසින්  අද (17) නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පැවසීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වටවල වැලිඔය වත්තේ යු.කේ.ඩී.කොටසේ සිය මවගේ නිවසේ පදිංචිව සිටි ශන්මුගනාදන් තිලකරාණි නැමති එක් දරු මවකි.

ඇය විදේශගතව සිට දැනට මාස 3කට ප්‍රථම සිය සැමියා පදිංචි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

 මීට සති දෙකකට ප්‍රථම ඇය සිය දරුවාද සමග වැලිඔය වත්තට පැමිණ ආපසු නිවසට නොපැමිණීමට උරණ වූ සැමියා (16) දින එම වතුයායට පැමිණ තොරතුරු විමසිමෙදි ඇය එම වතුයායෙම තරුණයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු සැලවී ඇතැයි කියයි.