(සුජිත් හේවාජුලිගේ)
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැති හෙයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් කමිටු රැස්වීම්වලට සහභාගිවීමේදී දෙවරක් සිතීමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කතානායකවරයා ඒ පොරොන්දුව ඉටු නොකරන්නේ ඔහු අද පොහොට්ටුවේ හිරකාරයකුවී සිටින නිසා යැයි පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයා ආණ්ඩුවේ කතානායකවරයා නොව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විය යුතු බවද ප්‍රකාශ කළේය.
කතානායකවරයා අද දේශපාලනය කරන බවටද ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ජුනි මස හත් වැනි දා රැස්වූ අවස්ථාවේදී කළ ඉල්ලීමක් අනුව කෝප් සහ කෝපා කාරක සභාවල සභාපතිධූර විපක්ෂයට ලබාදීමට කතානායකවරයා පොරොන්දුවූ නමුත් එම ඉල්ලීම ඉටු කිරීමට ඔහු මේ දක්වා සමත්වී නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉන් අනතුරුව තමා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 12 වැනිදා පාර්ලිමේන්තුවේිදී කතා කළ නමුත් කතානායකවරයා ඒ අවස්ථාවේදීද ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බව ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදීද මේ පිළිබඳව තමා කතා කළ බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැතැයි ප්‍රකාශ කළේය.
එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදෙන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.