(රංජිත් රාජපක්ෂ)
නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නානුඔය එඩිම්බරෝ වත්තේ පදිංචි මෝහන සුන්දරම් ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.
සැකකරු අසල්වාසියෙක් විසින් සුරතලයට ඇති කරන සුනඛයෙකු විසින් සැකකරු සුරතලයට ඇති කරන බළල් පැටවෙකු සපා තුවාල සිදු කිරිමේ සිද්ධිකට උරන වී ඉකුත් (22) වන දින සුනඛයාට අමානුෂික ලෙස පොල්ලකින් පහර දී පොළවේ ගසා කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළට දමා ඇත.
ඇළට වැටුණු සුනඛයා තුවාල සහිතව ඇළ දිගේ පීනා විත් නිවසට පැමිණ ඇත.
සුනඛයාට පහර දී ඇළට දමන අයුරු සැකකරුගේ මිතුරෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබියදී සුනඛයාගේ අයිතිකාර කාන්තාව එම දැක පසුව සැකකරුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් (27) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු සුනඛයාට ප්‍රතිකාර ලබා දෙන බවට පැමිණිලි පාර්ශවයට පොරොන්දු වී මෙන් පසු නානුඔය පොලිසිය විසින් එම සිද්ධිය පිලිබදව දෙපාර්ශව එකගතාවය මත සමතයකට පත් කර තිබුණි.
සමාජ මාධ්‍යට මුදා හැර තිබු දර්ශණ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නානුඔය පොලිසිය විසින් සැකකරු යළිත් ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන අද (29) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සුනඛයාට පහරදී ඇළට විසි කළ තරුණයා රිමාන්ඩ්
Lalla Friday, 29 August 2025 10:51 PM
මිනීමරුවකු වීමේ මූලික ලක්ෂණ. මෙය මානසික රෝගී තත්ත්වයක් නොවේද?
fairoos Saturday, 30 August 2025 01:13 PM
මිනිස්සු සත්තු වගේ
chinthana Monday, 01 September 2025 12:48 PM
බල්ලෝ හදන්න ඕනෙ තමන්ගේ වත්තට අනිවාර්යයෙන් එන මිනිසුන් හා සතුන් හැර අනික් මිනිස්සුන්ට සතුන්ට කරදරයක් නොවන ලෙස...