
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පෞද්ගලිකවම හමුවී දැඩිව ඉල්ලීමක් කර ඇත.
එසේ වෙනස්කර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
සමග ජන බලවේගය එක දිගට ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයත් පරාජයට පත්ව ඇති හෙයින් එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.
ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර දුන් මුල් අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වශයෙන් භාරගත්තේ නම් එසේ කරන වැඩ කොටස තුළින් යම් නමක් හදා ගැනීමට හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ විස්සක ඡන්ද පදනමකට ගියේ රට බාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවද සඳහන් කර ඇත. විපක්ෂ නායකවරයාට රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේදී පක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලා මේ අවස්ථාවේදී භාර නොගන්නැයි පවසමින් ඔහු අධෛර්යමත් කළ බව පැවසූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කරන නායකයන් සහ නිලධාරීන් වහාම වෙනස් කර නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයන් එම පුටුවලට පත් කළ යුතු බවද පෙන්වාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා දින්න ප්‍රාදේශිය සභා ටිකත් ස්වාධීන වෙයි වගේ. තියෙන නම්බුවත් සජබයට නැතිවෙන ලකුණු.
පුටු පෙරලුවාට ජනමතය නොපෙරලෙන බව සජබය නොදන්නා බව පෙනේ. කමක් නෑ ඔහොම යනකොට තේරෙයි.
ඔය පක්ෂයේ නායකයා තමයි ප්‍රශ්නය, සජිත් කියන්නේ ෆේල් නායකයෙක් වෙන්න සුදුසු කෙනෙක් නොවෙයි. චන්ද්‍රිකා ජනාධිපති කාලේ සජිත් දේශපාලනයට අලුත දකුණු පළාත් සභා ඡන්දයට එන්න කියල ආරාධනා කල මොහොතේ මුන්නැහේ කිව්වා එහෙම කරන්නේ මගේ දේශපාලන අනාගතේ විනාශ කරන්න කියලා. එහෙම කියලා මග ඇරියා. ඊට පස්සෙත් වගකීම් ගන්න එන්න කිව්වාම ආවේ නැහැ. ඊට පසුව පක්ෂ නායකයා වෙන්න කුමන්ත්‍රණ කරලා එජාපය විනාශ කළා. දැන් අලුත් පක්ෂයක් අටවන් ගියත් පරණ අධිමාන්නය නිසාම එක දිගට පැරදෙනවා. ඉතින් සජිත් හරියන්නේ නැහැ පක්ෂ නායකකමට. ජෙබයියෝ චූන් වෙන්න ඕනෑ නැහැ මෙහෙම කිව්වාට...!
පුටු යට ඉන්න අය තැලේවි, පරිස්සමෙන්..
පක්ෂයේ නායකයාටත් හරියට වැඩක් කරගන්න බැරුව අනික් අය ගැන මොන කතාද?
ඔය තිත්තව නම් වෙනස් කරන්න එපා...
පලමුවෙන්ම නායකයා වෙනස් කළ යුතුයි. මේ නායකයා සමග සජබෙට අනාගතයක් නැත.
සමගි ජනබලවේගය කැඳ හැලියක් වගේ... කවදාවත්ම බලයට එන්නේ නැහැ...
මාරුකළ යුත්තේ නායකත්වය මිස වෙන කෙනෙකු නොවේ.
සජිත්ව මාරු කරන්න එපා. තව අවුරුදු 10 ක්ම ඔහොම ඉන්න දෙන්න. මොකද අපිට මේ රට සංවර්ධනය කරගන්න කාලය අවශ්‍යයි. එතකොට අනුර දිසානායක ජනාධිපතිට හරි පහසුයි...
ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය පක්ෂයේ නායකයාව ඉවත් කරන්න. ඊට පසුව ඔය පක්ෂය සහ යූඑන්පීය එකතුවෙලා තනි පක්ෂයක් විදියට ක්‍රියා ඉස්සෙල්ලාම කරන්න අවශ්‍යා වන්නේ ඔය පාක්ෂයේ නායකයාව...
සජිත්ට දිරච්ච ලණු ගිල්ල වූ මරික්කාර් ඇතුළු එජාපයට වල කැපූ 15 දෙනාට ඕන කුදයක් ගහගන්න කියලා අනෙක් ඈයෝ රනිල්ගේ ඔඩොක්කුවට ගියොත් රටට සෙතක් වේවි කියලා හිතෙනවා.
ඔය යෝජනා කරණ අයට නායකත්වයේ දුර්වලතා නොපෙනෙන්නේ ඇයි? දැන් නායකත්වයට හොඳම කෙනා හර්ෂ...
එක්සත් ජාතික පක්ෂයේ නායකකම සජිත්ට නොදුන්නු එක හොඳයි... නැත්තන් අඩුම පොහොට්ටුවට වෙච්චි වැඩේ වෙන්නේ. එහෙම වුණා නම් මීට වඩා මාළිමාව ඡන්ද අරන් ඒකාධිපති පාලනයක් දියත් කරන්න තිබ්බා...
පුටු පෙරළීමක් ගැන වාර්තා නොවේ... බාහිර බලයකින් තොරව පුටු පෙරළීම සිදු නොවේ... මෙම පුටු පොළවට සවි කිරීමට හැකියි. නොමැති නම් වැලිගෝනි, කොන්ක්‍රීට් වැනි බරක් යොදා තැබිය හැකිය.
හැම පකෂයක්ම වැරදුණාම නායකයා මාරු කරන්න කියන එක ලංකාවේ තියන එකම විසඳුම නොවෙයි. ඔතැන ජන්ද සහ ජනමතය එකතුවෙලා තියෙන්නේ ප්‍රේමදාස කියන නමට අනිත් අය සෙල්ලම් දැම්මේත් ඒ නාමයෙන් ඇත්ත තියෙන්නේ එතැන දැන් කළයුතුව තිබෙන්නේ එක දෙයයි ඔය සේරම ඡන්ද එජාප පාක්ෂිකයාගේ ඒක තේරුම් අරගෙන රනිල් ළඟට එක එකා රිංගන්න නොදි පක්ෂයක් විදියට නැවත රනිල් ප්‍රේමදාස එකමුතුවක් සමග නව තරුණ බහුතරයක් වගකීම් දරන පැරනි අය පකෂය තුළ රැකගනිමින් නැවත පකෂය ප්‍රතිසංවිධානය කිරීමක් පමණයි. විවිධ අරමුනු තියෙන්න බැහැ. එකම අරමුණකට යන්න ඕන... ගොඩාක් යල් පැනපු අය දැන්වත් පක්ෂයේ දුක් විඳපු දෙවන පෙලට අවස්ථාව ලබා දීලා ආශිර්වාද කරන්න ඕනැ. ඒ කියන්නේ තමන්ගේ පුතා එවන එක නොවෙයි. එහෙම කරොත් අපේ පක්ෂය නැවත මේ රටේ බලයට එනවා නියතයි. පක්ෂය බිදවැටීමට රනිල් සජිත් දෙපළම වගකිව යුතුයි. දෙදෙනාම තමන් වටකරගෙන සිටින අවස්තාවාදීන් හඳුනා ගන්න වුවමනායි. වර්තමාන රජය දිනෙන් දින අප්‍රසාදයට පත්වෙමින් පවතිනවා ඒක ස්තීර කරන්න නම් දෙපාර්ශවය එකතු වෙන්නම ඕනෑ. මෙහෙම ගිහින් දිනන්න හිතන්න එපා. එජාපය ගොඩගන්න පොහොට්ටුව ආදේශ කරලා හොඳටම කෙලවාගෙන ඉන්නේ මම ඒකට හැමදාමත් විරුද්ධ වුනා අද ඒක යථාර්ථයක්...
සජිත් තමයි ඕනෙ...