(සුජිත් හේවාජුලිගේ සහ සහ නිමන්ති රණසිංහ)
දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
රට පුරා ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා පෙර තීරණය කරගත් පරිදි ලබන 14 වෙනිදා ඉවත් කිරීමට පෙරේදා (10) තීරණය කර තිබිණ. එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අද පුළුල් ලෙස සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන කාලය මෙසේ දීර්ඝ කරන ලදැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කෙරුණද කර්මාන්තශාලා, ප්‍රධාන වැඩබිම් හා ආර්ථික මධ්‍යස්ථාන, පොළවල් හා කාබනික පොහොර නිෂ්පාදන යනාදි කටයුතු සෞඛ්‍ය නීතිවලට දැඩිව අනුගත වෙමින් කටයුතු කිරීමටද අවසර හිමි වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන සේවා කටයුතු වලටද වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහාද අවසර හිමිවනු ඇත.
කොවිඩ් 19 පාලනය කිරීම සඳහා දිවයින පුරා සංචර සීමා ක්‍රියාත්මක කෙරුණේ පසුගිය මැයි 21 වැනි දා සිට ය.
රටපුරා සංචරණ සීමා අද (11) වන විට දින 23ක කාලයක් ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් යුද හමුදාපති තුමා කට්ටිය කියන කියන දේ කියන්න එපැයි ඇවිත්
ඔයගොල්ලන්ට ඉතින් මොකද කිසිම අඩුපාඩුවක් නැහැනේ විශේෂඥ වෛද්‍යවරුන් සහ ඉහළ නිලධාරීන්ටත් එහෙමයි.. කිසිම අඩුපාඩුවක් නැහැ. නමුත් එදාවේල හොයාගෙන කන මිනිස්සු තමයි අනාථ.... අායිත් මාස දෙකක්, තුනක් ගියාට පස්සේ සිංහල අවුරුද්දට වුණා වගේ දීර්ඝ නිවාඩුවලට මිනිස්සුන්ට නුවරඑළියේ සහ තවත් තැන්වලට ගිහින් විනෝද වෙන්න ඉඩදෙන්න..
රෙදි ඇඳගෙනද ඉන්නේ? මහදැනමුත්තට නියමෙටම ගැලපෙනවා.
ඔබතුමාට අපි ගොඩක් ගරු කරනවා. ඔබතුමා කරුණාකර මේ කොවිඩ් කටයුතුවලින් අයින් වෙන්න. විටින් විට තීරණ වෙනස් කරන බූරුවනුත් සමග ඔබතුමා ළගින්න එපා. සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්න. එදා වේල හම්බකරන් කන මිනිස්සු ගැන හිතන්න. මන්දිර වල ඉඳන් තීරණ ගන්න එපා. දුප්පත් මිනිස්සු හිතන්න කරුණාකරලා.
ඊයේ ඔබතුමා කියනකොටම අපි දැන ගත්තා රට අරිනවා නෙවේ වහන එක තමා කීවේ කියලා. ඔබතුමාට දොස් කියා ඵලක් නෑ. මේ ආණ්ඩුව දැන් පෙන්වන්නේ විනෝද සමය මිනිසුන්ට. රට්ටුන්ට බොරු කළ හැකියි. කොරෝනාවට බොරු කළ නොහැකියි.
අහරෙන් කියන්න කියනවා... මෙයා කියවනවා. නමුත් කියවන්නේ මොනවද කියලා තමාම දන්නේ නැහැ.
ආර්ථිකය හා ජන ජීවිතය වනසන, කෝවිඩ් පාලනය නොවන මේ ඇඳිරි නීතිය වහා ඉවත් කරන්න.
මේකත් හරියට දැන් දේශපාලන පොරොන්දු වගේ.. උදේ කියනවා... අනිත් දවස මතක නෑ..!!!
මේ අය විදේශිකයෝ නොවේ. අරින්න වහන්න කියන්න විදේශිකයෝ ඕනෑද? ඕවා කියන්න විදේශිකයෝ අවශ්‍ය නැහැ. අහිංසක මිනිස්සු මෙහෙම ගියොත් ඉවරයි. ඇයි ඒ මිනිස්සුන්ට මාසෙ අන්තිමට පොකට් එක පිරෙන්නේ නැහැ. එදාවේල හොයපු මනුස්සයා හාන්සියි.. මේ කරපු හරිය හොඳටම ඇති.
ඔබතුමා මධ්‍යස්ථානයේ ප්‍රධානියා නිසා මාධ්‍ය වෙත ප්‍රකාශ දෙන්න වෙනත් කෙනෙක් පත්කර ගන්න.
මගෙ නම් කිසිම සැකයක් තිබ්බෙ නැ මෙයල 21 වෙනකන් දික් කරනවා කියන එක ගැන. කොහොම උනත් දැන් කොහෙද දන්නෙ නැ එදා වේල හම්බකරන මනුස්සය ගැන තිබ්බ දුක. ඔය ලොකු මිනිසුන්ට නම් කොහොමත් ප්‍රශ්නයක් නැ. මෙයාට කොහොමත් හමුදාවෙන් සියල්ල හම්බෙනවා, ගෙදර අයටත් එහෙමයි,. එයාලට ඉතින් හමුදා වාහනෙක හරි යන්න පුලුවන්. කිසිම කුහක කමක් නැ. දැන් ඔය දොස්තරල එහෙම යන එන ගමන් කඩ වලින් බඩු ගන්නවා වාහනෙන්ම ගිහින් අනික් අය පයින් කිලොමිටර් ගනන් යන්න ඔනි. ලගම තියෙන ෆාමසියෙ තියා කිලොමිටර් 4ක් ඇවිද්ද අපිට කිව්ව බෙහෙත හොයා ගන්න තිබ්බෙ නැ. මෙහෙමයි මහත්තයො, කියනවානම් ඒ විදියට කරන්න, එකක් කියනවා, තව ටිකකින් තව එකක් කියනවා. එතකොට අපිට ඔයාල ගැන තියෙන විශ්වාසය නැතිවෙනව. තීරණයක් ගන්නකොට ඒක අරගෙන හරියට එක සැරෙ කියන්න.
ජනපති කියන විදියටම කරනවා... උණ්ඩවලින් වෛරස් පාලනය කරන්න හදනවා.
කලින් තීරණය කළ පරිදි ලබන 14 වැනිදා අලූයම 4.00 සිට සංචරණ සීමා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින’ට ඊයේ සඳහන් කළේය. සංචරණ සීමාවන් තවදුරටත් දීර්ඝ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප‍්‍රචාරයන් සිදු වෙමින් තිබෙන අතර එ්වායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා කීවේය.
ඇත්තෝ කති බොති... නැත්තෝ වැලපෙති... පවට උපන්නේ මේ රටේ... !!!
ශවේන්ද්‍ර සිල්වා කියනවා සමාජ මාධ්‍ය බොරු කියනවා කියලා.මේ බලන්න එයාම ලංකාදීපයට 11 දා සවස කිව කතාවක්... "..............මේ අතර රටපුරා සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නැති බවත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය..." වැඩේ කෙලවෙගෙන එනකොට කියනවා 21 දා උදේ තෙක් සංචරණ සිමා දික් කරනවා කියලා. ඒ කියන්නේ සමාජ මාධ්‍යයන් නොවෙයි බොරු අසත්‍ය ප්‍රවුර්ති ප්‍රචාරය කරලා තියෙන්නේ, ශවේන්ද්‍ර සිල්වයි බොරු බේගල් හලලා තියෙන්නේ. කෙසේවෙතත් මම දැනුත් කියනවා මහාචාර්ය මලික් පිරිස් මහත්මයා, මහාචාර්ය කමනි මෙන්ඩිස්.... වැනි වයිරස් විද්‍යාඥයන් කියන විදිහට අඩුම වශයෙන්... දින 15 ක් රට සම්පුර්ණයෙන් වසා - ඇඳිරිනීතිය දමා...හැර මේ වසංගතයෙන් අපට ගැලවිය නොහැක. මේ මියයන හැම ජිවිතයක් වෙනුවෙන්ම , මේ රටේ " හැකියාවක් නැති " පාලකයින් වන්දි ගෙවිය යුතුමයි.
සංචරණ සීමා? එහෙම එකක් තියෙනවද දැනුත්? නැහැනේ. දැන්වත් සංචරණ සීමා දාන්න. දැන් කියනවා පොලත් පටන් ගන්නවා කියලා. සේරම අනාගෙන ඉවරයි. ඇමරිකාව කිවුවේ ඇත්ත කියලා දැන් තමා තේරෙන්නේ... සැප්තැම්බර් වෙනකොට මරණ 20000 ඇත්ත වෙනවා. ෂුවර්.
මෙහි තිබෙන අදහස් දැක්කාම මට වෙනත් අදහසක් පළ කරන්න හිතුණා.. ඇත්තටම මේ රටේ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ..? එක කොටසක් වෛද්‍යවරුන් ඇතුළුව කියනවා අනිවාර්යයෙන් තව සති දෙකක්වත් වහන්න ඕනේ කියලා.. තව කොටසක් කියනවා ආර්ථිකය ගැන හිතලා රට අරින්න ඕනෑ කියලා.. රටේ ජනාධිපති ඇතුළු මේ කැපවෙන මිනිස්සු ඉන්නේ මේ කියන.... සියල්ලම කරන්නද? මොන දේ කළත් විවේචනය කරන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මොවුන් තාම තේරුම් අරන් නැහැ මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ වසංගතයක් එක්ක කියන එක... හැමෝම කතා කරන්නේ එදා වේළ හම්බකරන මිනිස්සු ගැන.. අවංකවම හිතලා බලන්න ඔවුන් කුළී වැඩ වේවා වෙන මොනයම් දෙයක් හෝ වේවා දවසකට කොපමණ මුදලක් උපයනවද කියලා... අාවම රුපියල් 2000ක් හෝ ඊට වැඩියි... මේ වසංගතය ඇවිත් දැන් අවුරුදු 2ක් වෙනවා. අඩුම තරමින් මේ වගේ කාලයකට මූණ දෙන්න දවසට රුපියල් 200ක් ඉතුරු කළානම් අද මෙහෙම වෙනවද? ඔවුන් අති බහුතරයක් හවසට බාර් එකේ පෝලිමේ ඉන්නවා. සියල්ල නොමිලේ දෙන තාක් මේ රට කවදාවත් ගොඩ ගන්න එකනම් හීනයක්...
ඔව්, එක එක යෝජනා එනවා. කවදාවත් ඒ ක්‍රමය හොඳයි කියන්න දිව නැවෙන්නේ නෑ. කාටත් ඕන පෙර ලෙසට නිදහසේ ඡීවත් වෙන්න. යුරෝපයේ ඡර්මනියේ අද සිට මුඛ ආවරන අඳින්නම අවශ්‍ය නැහැ. ආයතනයකට, වෙළඳ සැලකට ඇතුල් වෙද්දි මාස්ක් ඇඳිය යුතුයි. ඒ නිදහස මාස 4ක් එක දිගටම රටම වසා තිබීමෙන් පසුවයි. ඒ අතරතුර ඊට විරුද්ධව නිහඞ උද්ඝෝෂණ නොතිබුණා නොවේ. මේ කොරෝනා වසංගතය ලෝකයට එන්නත් පෙර අහලවත් නැති කාලයක සිට, ඕනෑම තැනක එකිනෙකා පසුපස සිටිය යුතු ස්ථාන වල තම වාරය එන තුරු හිටියා. බැංකුවක වුණත් එදත් කවුන්ටර් එක ලඟ තෙරපීමක් තිබුනේම නැහැ. එදත් මීටරයක් දුරින් ඉන්නේ.. සද්දයක් නෑ. දැඟලිල්ලක් නෑ. ඒ නිසාමයි එතරම් නොදැනුනේ.. එවැනි තැන්වල... ප්‍රධානම කාරනය හැදියාව, විනයගරුක බවයි.
නවසීලන්තයේ ප්‍රජා ධනාත්මක කෝවිඩ් නොමැති බව ඔබ දන්නවාද? පොදු ප්‍රවාහනයේදී වෙස්මුහුණක් පැළඳීම තවමත් අනිවාර්ය වේ. නව කැලිඩෝනියාව සහ ඕස්ට්‍රේලියාව (මෙල්බර්න් නොවේ) වැනි වෛරස් රහිත රටවල් හැර විදේශිකයන් සඳහා තවමත් ගුවන් තොටුපලවල් වසා ඇත. වෛරසය පැතිරීම ඔවුන් පාලනය කරන්නේ එලෙසිනි.
කියන්න පෙර සිතා බලන්න හදිසි තීරණ ගතත එපා