IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි

(ක.ග.කරුණාරත්න)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.
 

ඒ අනුව රෝගීන් 1200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා ඇතැයිද ඒ මහතා කීය.
  
පොළොන්නරුව මහ රෝහල මගින් එහි පරිපාලන කටයුතු කෙරෙන අතර වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම කොව්ඞ්- 19 නව ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා සේවයේ යොදවා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල මගින් බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.
 
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ සහ රෝගීන් ඇතුලත් කිරීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෙද්‍ය නිහාල් ගුණතිලක, විශේෂ ශ්‍රේණියේ පරිපාලන හෙද නිලධාරී හමන්ගොඩ ජයසිංහ, පරිපාලන නිලධාරී සුමිත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (13)

ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි

Sunil Wednesday, 28 October 2020 10:09 AM

සමාරම්භක උත්සවය සඳහා කිසිදු දේශපාලකයෙක් නැත ?

:       3       22

lankaputha Wednesday, 28 October 2020 01:35 PM

ෂරියා කැම්පස් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා හොඳ ක්‍රමයක් ...

:       0       9

BamunuarachchiTuesday, 03 November 2020 12:08 PM

කොරෝනා කොයි කාලේ නැතිවෙයි කියලද හිතන්නේ?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 October 2020 01:39 PM

මේ ෂරියා කියන නම වෙනස් විය යුතුය. ෂරියා නීතිය හා විශ්ව විද්‍යාල තිබිය යුත්තේ අරාබි රටවලය. ඒවා මෙහි තිබීම අවශ්‍ය නොවේ. මේ නම් ඇති මේවා කවදත් අපහට කොරෝනා වැනිය.

:       3       24

siri Wednesday, 28 October 2020 02:09 PM

ඕකත් අර චන්දෙට ඉස්සර නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ "මහා භයානක භුතයෙක්" හැටියට නේද පෙන්නුවේ? දැන් ඒවා ගැන එදා බෙරිහන් දුන්න දොස්තරලා, සමාජ ක්‍රියාකාරයෝ මොකද සද්ද නැත්තේ හුලන් බැහැලද ? ෂරියා නීතිය හරි මද්‍රසා හරි අඩුවයසෙන් විවාහ වෙන එක හරි අලුතෙන් සම්මත කරගත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කරලා නැහැ නේද ? ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ කලබලය අස්සේ යටින් නියම ගේමක් තමයි ගහල තියෙන්නේ.

:       5       15

බම්බුආරච්චි Wednesday, 28 October 2020 02:42 PM

පේනවනේ සර්ගේ වැඩ ඒක මෙඩිකල් ෆැකල්ටියක් කරන්න යන්නේ.

:       6       11

Mr. කොනකපාල Thursday, 29 October 2020 02:10 AM

ඔව් පළමු අදියර මෙතනින් තමයි පටන් ගන්න හදන්නේ .

:       0       0

Bamunuarachchi Thursday, 29 October 2020 02:13 AM

රජයට පවරා ගැනීමේ පළමු පියවර ජයවේවා!

:       1       0

Bamunuarachchi Thursday, 29 October 2020 02:15 AM

අපි මේක ආණ්ඩුවට ගන්නයි හදන්නේ?

:       1       0

කමල් Thursday, 29 October 2020 03:13 AM

මේකත් අර මත්තල ගුවන් තොටුපල වගේ. බලෙන් අරගෙන ගිහින් දැම්මොත් හරි හදිසියකට පාවිච්චි කරන්න මිසක් මෙලෝ වැඩක් නෑ

:       0       1

Ruwan Thursday, 29 October 2020 03:24 AM

ෂරියා විශ්වවිද්‍යාලය හැදුවේ ෂරියා නීතිය උගන්වන්නේ..?

:       1       0

අබරංThursday, 29 October 2020 08:24 AM

ෂරියා සහ කොරෝනා අතර වෙනසක් නෑ.....

:       0       0

Bamunuarachchi Tuesday, 03 November 2020 03:58 AM

මොවුන්ට මෙ ඉඩම් ලැබුණේ කොහොමද? දුන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site