IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම වාරණයෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.

පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ශාරති දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා,වැඩ බලන සභාපති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ මහතා, තිලංග සුමතිපාල මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කෙරිණි. විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිස විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය. 



අදහස් (10)

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

sudda Wednesday, 24 April 2024 02:37 PM

විජේදාසට අල්ලපු අත්තයි, පයගහපු අත්තයි දෙකම නැතිවෙනවා. පොළොන්නරුවේ පොළඟා ලණුවක් නෙමෙයි, කඹයක් තමයි මෙයාට ගිල්ලවලා තියෙන්නේ...!

:       0       45

NimalWednesday, 24 April 2024 08:06 PM

උගත්කම, අදි නීතීඥ තනතුරු, ජනාධිපති නීතීඥ, ඇමැතිකම් මේ සියල්ල තන්හාවට යටත් වෙලා. එදා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවා. සිංහලයන්ගේ ඡන්දවලට, federal දෙන්නම් කියනවා ද්‍රවිඩ ඡන්ද වලට මේ අයත් මේ සූදානම් වන්නේ එම ප්‍රතිපත්ති ඒ ආකාරයටම ඉදිරියට ගෙනයන්න. බලයට තනතුරුවලට පොරකනවා. පාවාදීම් ඉහළින්ම සිදුවෙනවා.. මේ දේශපාලකයින්ම තව ටික දිනකින් කියාවි දේශපාලනයේ සතුරන් සහ මිතුරන් නැමති බව... සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු තවදුරටත් රැවටිය නොහැකි බව ඉදිරි ජාතික මැතිවරණයේදී තේරුම් යාවි...!

:       0       5

Nimal Wednesday, 24 April 2024 02:42 PM

ශ්‍රීලනිපය දැන් වැඩ කරන්නේ වාරණ නියෝගය මත පමණයි. විජේදාස පත්වූ අවස්ථාවේ මෛත්‍රී ඇතුළු පිරිස පැවැත්වූ ජයඝෝෂා සහ විජේදාස ජයග්‍රාහී විලාශයෙන් අසුන්ගත් සැටිත් මට හොඳටම මතකයි. නරි නාටක...

:       0       29

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 02:56 PM

පක්ෂ මූලස්ථානය අලුත් කඩේ උසාවි සංකීර්ණය ළඟට ගෙනගියා නම් වැඩේ පහසුවෙයි. එතකොට එක කණ්ඩායමක් රැස්වෙන කොට අනිත් කණ්ඩායමට දුවලා ගිහිල්ලා වාරන නියෝගයක් ගන්න පුළුවන් වෙයි. මොවුන් තමන්ගේ බල තන්හාව වෙනුවෙන් රටේ අධිකරණ පද්ධතියත් අවභාවිතා කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ...!

:       0       34

Kamal Koyrala Wednesday, 24 April 2024 02:56 PM

සාමාජිකයෙක් නොවන බවත්, සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බව නීති විශාරදයින් දන්නේම නැද්ද?

:       0       28

beau Wednesday, 24 April 2024 04:59 PM

මේ වගේ අයද මේ රටේ නායකත්වය අරගෙන මහජනයාට කෙළවන්නේ... මොවුන් ඔක්කොටෝම දඬුවම් දෙන්න ඕනේ චීනයේ ක්‍රමයට.

:       0       20

sam Wednesday, 24 April 2024 06:01 PM

මේ මනුස්සයා නමට හරි අධිකරණ ඇමැති නේද?

:       0       12

වර්ණසින්හ Wednesday, 24 April 2024 06:02 PM

රටේ වෙනත් නඩුවලට ඉඩක් ලැබෙන්නේම නෑ වගේ...!

:       0       11

Shashika519 Wednesday, 24 April 2024 08:33 PM

විනිසුරුවො ටික කාර්‍යාලයේ පදිංචි කරානම් ඉවරයිනෙ.

:       0       1

Deepal Nirosh Wednesday, 24 April 2024 10:03 PM

අධිකරණ තීන්දු හා නියෝග ඉදිරිපත් වන සාක්ෂි මත ලබා දෙන සාධාරණ විනිශ්චයක්. ඒත් මේ වාරණ නියෝග වලින් පැමිණිලකරුවො දිනන්නෙවත් විත්තිකරුවො පරදින්නෙවත් නැහැ. අවසාන වශයෙන් පැරදිල විනාශ වෙන්නෙ මේ කාගෙ කාගෙත් ශ්‍රී ලං නි ප බව මේ දෙගොල්ලොම තේරුම් ගන්නවනම් හොඳා. ඌරන් කැකුන තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල්ලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site